brand logo

වමෙන් පන්දුවට පහරදුන් ඩේවිඩ් වෝනර් දකුණත් පිතිකරුවෙක් වෙයි

17 January 2019

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් දකුණත් පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදෙමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දෑස් මවිතයට පත් කර තිබෙනවා. මේ වන විට බංග්ලාදේශයේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේදි ඊයේ දින පැවැති තරගයේදී ක්‍රිස්ගේල් විසින් යවනු ලැබූ පන්දු වාරයකදී පන්දු තුනකට දකුණත් පිතිකරුවෙකු ලෙස ඩේවිඩ් වෝනර් පන්දුවට පහරදුන්නා. එම පන්දුව තුනේදී වෝනර් විසින් එක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ලබාගැනීමට සමත් වුණා. එය මේ වන විට ක්‍රිකට් ලොව පුරා දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා. BPL තරගාවලියේ Sylhet Sixers කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන ඩේවිඩ් වෝනර් විසින් Rangpur Riders කණ්ඩායමට එරෙහිව නොදැවී පන්දු 36කදී ලකුණු 61ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වනවා. එම තරගයේදී වෝන්ර් නායකත්ව දරණ Sylhet Sixers කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 187ක් රැස්කර ගත්තා. අනතුරුව පිටියට පැමිණි Rangpur Riders කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 160ක් පමණයි. ඒ අනුව වෝන්ර් නායකත්ව දරණ Sylhet Sixers කණ්ඩායම ලකුණු 27කින් තරගය ජයගනු ලැබුවා. https://youtu.be/SFurNucFfYE
 

More News..