brand logo

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම සංචාරක ස්ථාන වසයි

07 May 2021

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරන සංචාරකයින් හට විවෘත සියලුම සංචාරක ගමනාන්ත, උද්‍යාන, කඳවුරු භූමි සහ සියලු සංචාරක බංගලා වසා දැමීමට තීරණය කර තිබේ. පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු අදාළ ස්ථාන සංචාරකයින් සඳහා විවෘත නොවනු ඇත. පසුගිය 5වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් වසා දැමීමට ද පියවර ගන්නා ලදී.
 

More News..