brand logo

වන ජීවි සේවකයන් දඩයම් කරන වනජීවී ඇමති

30 July 2019

රටපුරා වන ජීවි උද්‍යාන 26ක වසර 05ක් සේවය කළ සේවකයන් 357 දෙනෙකුගේ සේවය ස්ථිර නොකර දේශපාන පත්වී ලබා දෙන්නට වනජීවි අමාත්‍යංශ බලධාරිහු ක්‍රියා කිරීමට විරෝධය එක් කරමින් අගෝස්තු 01 වන දින පෙ.ව 7.00ට කොළඹ ,බත්තරමුල්ල වනිජීවි අමාථ්‍යංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂයක් පවත්වන්ට තිරණය කර ඇති බව සමස්ත ලංකා වන ජීවි සංගමයේ සභාපති ඩී.එම් චන්ද්‍රපාල මහතා පවසයි. මෙම උද්ඝෝෂණයට නිසි පරිදි රජය අමාත්‍යංශය නිසි පිළිතුරු ලබානොදෙන්නේ නම් රටපුරා වන ජීවි උද්‍යාන 26 ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපර රැසක් දියත් කරනු ලබන බවත්,එයට ද ප්‍රතිචාරයක් ලබානුදුනහොත් මරාන්තික උපවාසියක් දියත් කරන බවද චන්දු පාල මහතා පවසයි. මෙයට අමතරව, ඇමතිගේ පිරිසක් සේවයට යොම කරන්ට මේවන විට කටයුතු කරමින් සිටින බවත්,එය සිදු කළ හොත් වසර පහක් කට්ට කා සේවය කළ සේවකයන්ට ඉතා බරපතල අසාධාරණයක් සිදුවන බවද හෙතෙම කියයි. අගෝස්තු 01දා සිට වනජීවී උද්‍යානයන්ට හා වනජීවීන්ට දැඩි තර්ජන ඒල්ල වීමේ අවධානමක් බව, වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ සම්බන්ධිකාරක පේශල පසන් කරුණාරත්න ද අදහස් දැක්වමින් මෙසේ ද කීය. ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ජාතික වනෝද්යාන තුළ ඉතාම දුෂ්කර රාජකාරියක යෙදමින් වනජීවී දෙපාර්තමෙන්තුවට විශාල ආදායමක් ස්වෙච්ඡා සේවකයන් විසින් ගෙන දෙයි. වනෝද්‍යානයන් තුළ දැනටමත් කාර්ය මණ්ඩල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින අතර එසේ තිබියදීත් මෙම ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් ස්ථීර නොකිරීම නිසාවෙන් 2019 අගෝස්තු මස 01 වන දින සිට ඔවුන් සේවයෙන් තාවකාලිකව ඉවත්ව වැඩවර්ජනයකට එලඹීමට තීරණය කර ඇති බවට වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ සම්බන්ධිකාරක පේශල පසන් කරුණාරත්න මහත් පවසයි. මෙලෙස තාවකාලිකව හෝ සේවයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියා මාර්ග ගනිමින් වැඩවර්ජනයක නිරත උවහොත් එය වනජීවී රක්ෂිත වලට මෙන්ම එම රක්ෂිත තුළ වෙසෙන වනජීවීන්ටද දැඩි බලපෑමක් එල්ලවේ. එම නිලධාරීන් සේවයෙන් ඉවත් උවහොත් එළඹී ඇති නියං කාලය තුළ වනජීවින්ගේ පැවැත්මට දිය කඩිති ජලයෙන් පිරවීම,වනඅලින් ගම් වැදීම හා වන සතුන් දඩයම් කිරීම වැලැක්වීම වැනි අත්‍යවශ්‍ය රාජකාරි රාශියක් අකර්මණ්‍ය වීමේ අවදානමක් උදා විය හැකිය. මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගේ අවධානය හැකි ඉක්මනින් යොමුකර එයට පිළියම් යොදා වනජීවී රක්ෂිත හා එම රක්ෂිත තුල වෙසෙන්නා වූ වනජීවීන්ගේ ජීවීත වලට මේ මගින් ඒල්ල වන බලපෑම නතර කිරීමට කටයුතු කරන ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධනය ඉල්ලා සීටී.
 

More News..