brand logo

වනිඳු හසරංගගෙන් සුපිරි වාර්තාවක් (වීඩියෝ)

02 December 2021

T10 ක්‍රිකට් ඉතිහාසයේ වනිඳු අලුත් කරයි

පන්දුවාර 10 හෙවත් T10 ක්‍රිකට් ඉතිහාසයේ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබේ. ඒ, මේ වන විට අඩුඩාබි හි පැවැත්වෙන T10 ලීග් ක්‍රිකට් තරගකදීයි.

වනිඳු හසරංග බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (01) පැවැති තරගයේදී ලකුණු 8කට කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

එය එම තරගාවලියේ හොඳම පන්දු යැවීම ලෙසද වාර්තා විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 140ක් රැස්කර ගැනීමට සමත් විය. ඩෙකෑන් කණ්ඩායමේ ටොම් කොහලර් ලකුණු 96ක් රැස්කර ගත්තේ පන්දු 39කදීය. ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වේ. අනතුරුව පිටියට පැමිණි බංග්ලා ‌ටයිගර්ස් කණ්ඩායමේ සියලුදෙනා පන්දුවාර 8යි පන්දු 3කදී ලකුණු 78කට දවා ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඩෙකෑන් කණ්ඩායම වෙනුවෙන් වනිදු පන්දුවාර 2කදී ලකුණු 8ක් ලබාදී කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය. වනිදු විසින් යවන ලද එක් පන්දුවාරයක් කිසිදු ලකුණුක් ලබානොදීමට ද ඔහුට හැකි විය. තරගයේ වීරයා සම්මානය ටොම් කොහොලර් විසින් දිනාගනු ලැබීය.   https://youtu.be/D3LFGVgyCL8   https://youtu.be/i9IbTHl8k7U
 

More News..