brand logo

වනිඳු ලොව අංක එකට කිට්ටු වෙයි

05 August 2021

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස ක්‍රිකට් වර්ගීකරණයට අනුව පළමු ස්ථානයේ පසුවන තබ්‍රේස් ශම්සි ආසන්නයට පැමිණීමට වනිඳු හසරංගට හැකිව තිබේ.

එම ශ්‍රේණියේ අංක 1 ස්ථානයේ පසුවන ශම්සි ප්‍රසාද ලකුණු 792ක් සමගින් ප්‍රථම ස්ථානයේ පසුවන අතර එම දෙවැනි ස්ථානයේ පසුවන වනිඳු ප්‍රසාද ලකුණු 764ක් ලබා සිටී. එම ලැයිස්තුවේ 15 වැනි ස්ථානයේ පසු වූ ලක්ෂාන් සඳකැන් එක් පියවරක් ඉදිරියට තබමින් 14 වැනි ස්ථානය දක්වා පැමිණ සිටී. ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේග පන්දු යවන තුරුම්පුව වන දුෂ්මන්ත චමීර 20 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා පියවරයන් දෙකක් ඉදිරියට පැමිණ ඇත. ඊට අමතරව අකිල ධනංජය 36 වැනි ස්ථානයේත්, ලසිත් මාලිංග 57 වැනි ස්ථානයේත්, ඉසුරු උදාන 85 වැනි ස්ථානයේත් රැඳී සිටිති. නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණියේ මුල් ස්ථාන 100 අතර ශ්‍රී ලංකා පිතිකරුවන් තුන් දෙනෙක් පමණක් ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. අදාළ 50 වැනි ස්ථානයේ කුසල් ජනිත් පෙරේරා රැඳී සිටින අතර වසරක තරග තහනමකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක 65 වැනි ස්ථානයේත්, කුසල් මෙන්ඩිස් 88 වැනි ස්ථානයටත් පත්ව ඇත. නවතම තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණියේ පියවරක් ඉදිරියට පැමිණ සිටින වනිඳු හසරංග 12 වැනි ස්ථානයට පත්විය.
 
 

More News..