brand logo

වනිඳු ටී10 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා හා සමතැනට

25 November 2021

වනිඳු අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියෙත් වැඩ පෙන්වෙයි

වනිඳු හසරංගගේ කැපී පෙනෙන පන්දු යැවීමෙන් සර්ථක ප්‍රතිඵල අත්කරගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 11 වැනි තරගයෙන් නොදර්න් වොරියර්ස් හමුවේ කඩුලු 06ක ජයක් වාර්තා කර ගැනිණ. අදාළ ජයත් සමගින් සහභාගි වූ තරග 4න් 3ක් ජයගෙන කණ්ඩායම් අතර දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටත් නොදර්න් වොරියර්ස්ට හැකි විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නොදර්න් වොරියර්ස් කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු 70ක ඉලක්කය හඹාගිය ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පන්දුවාර 7.1ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 76ක් රැස්කරමින් ජය සපුරා ගැනිණ.

නොදර්න් වොරියර්ස් වෙනුවෙන් සුපුරුදු කැපී පෙනෙන පන්දු යැවීමේ නිරත වනිඳු හසරංග සිය පන්දුවාර දෙක ලකුණු 5ක් තුළ යවමින් කඩුලු 2ක් දවා ගත්තේය. අදාළ දක්ෂතාවය හේතුවෙන් තරගයේ වීරයා සම්මානය වනිඳු වෙත හිමි විය. මෙම තරගයේ දවාගත් කඩුලු 2ත් සමගින් තරග හතරකදී වනිඳු දවාගෙන තිබෙන මුළු කඩුලු සංඛ්‍යාව 08ක් වශයෙන් දැක්විණි. ඒත් සමගින් එතෙක් වැඩිම කඩුලු ලාභියා වූ ටීම් අබුඩාබි පිලේ මර්චන්ට් ඩි ලේන්ජ් සමගින් සමතැන් ගැනීමටත් වනිඳුට හැකි විණි.
 

More News..