brand logo

වන්නි ආරක්ෂක සේනාවන් යටතේ තිබු ඉඩම් හෙක්ටයාර 23 ක් නැවත සිවිල් ජනතා අයිතියට

16 November 2018

වන්නි ආරක්ෂක සේනා කලාපයට අයත්ව තිබු ඉඩම් හෙක්ටයාර 23 ක් නැවත සිවිල් ජනතාව වෙත පවරාදීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත ඊයේ (15) නැවත පැවරීම සිදුකෙරිණ. උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි ඉඩම් සිවිල් ජනතාව වෙත පවරාදීමේ වැඩසටහන යටතේ අදාළ ඉඩම් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය වෙත පවරනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා 612 බළසේනාවයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජි‍මේන්තුව යටතේ පැවති ඉඩම් කොටසක් එලෙස නැවත පැවරීම සිදුකළහ. මුලතිව් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුණ්ඩිමුරුප්පුව රක්ෂිත සීමාවේ පැවති ඉඩම් ‍කොටසක් සිවිල් පරිපාලනය වෙත පවරාදෙනු ලැබිණ. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත 20 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙණ නිළධාරි මේජර් අයි.ජේ.වික්‍රමසිංහ මහතා විසින් ඉඩම් පවරාදීම සිදුකරනු ලැබීය. වවුනියාව - මාධව කුලසූරිය  
 

More News..