brand logo

වන්නියේ ඉඳන් දුෂ්කර ගමනක් ආවේ

03 April 2021

සිය සැමියා වෙනතක බැඳෙයිදෝ යන සැකය සිතේ සඟවාගෙන දුක් විඳින මහ පොළොවේ ළමාහාමි ඇයයි... දුෂ්කර ගමනක් ඔස්සේ රංගන්යට පැමිණි ඇය චන්දිමා කරුණාරත්න...

චන්දිමාට ළමාහාමි වෙන්න ලැබුණේ කොහොමද... ළමාහාමි කියන මහ පොළව නාට්‍යයේ එන චරිතයට පෙර මම සුළඟ මහමෙරක් නාට්‍යයේ සුමිත් රත්නායකගේ අධ්‍යක්ෂණය යටතේ වැඩ කරල තිබුණා. ඒ දැන හැඳුනුම්කම, අවබෝධය මතයි මට සුමිත් අයියා ළමාහාමිගේ චරිතයට මට කතා කරන්නේ. ළමාහාමි කියන්නේ මහ පොළව ටෙලි නාට්‍යය පුරාම යන චරිතයක් නෙවෙයි. නමුත් නාට්‍යයේ කේන්ද්‍රීය චරිතයක්. මේ තරම් කට සැර කාන්තා චරිතයක් සාර්ථකව කරන්නෙ පුද්ගලික ජීවිතයේ හුරුපුරුදුකම් තියෙන නිසාද? ළමාහාමි මගේ සාමන්‍ය ජීවිතයට, මම ගතකරන ජීවිතයට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඇය ගැමි පරිසරයක ජීවත් වෙන කට සැර කාන්තාවක්. ඇයගේ ගැමිකම හැර අනිත් ලක්ෂණ මට සමීප නැහැ. ගොඩක් අය අහනවා මම ඇත්ත ජීවිතයෙත් මේ වගේද කියලා. ඇත්තම මම එහෙම නැහැ. ළමාහාමි වගේ ආවේගශීලි චරිතයක් කරන එක චන්දිමාට දුෂ්කර කාර්යයක් වුණාද? වේදිකාවේ විවිධ චරිත කරපු කෙනෙක් විදිහටත්, වේදිකාවෙන් ලබාගෙන තියෙන පරිචය නිසාත් මට ළමාහාමිගේ චරිතය කිසිසේත් අපහසු චරිතයක් වුණේ නැහැ. මම හිතනවා ළමාහාමිගේ චරිතයට උපරිම සාධාරණයක් කළා කියලා. අනුරාධපුරේ ඉපදුණ චන්දිමා නිළියක් ලෙස කොළොම්පුර ජයගන්න පසුබිම හැදුණේ කොහොමද..?. මම අනුරාධපුරේ පූනෑව කියන ගමේ ඉපදුණේ සහ හැදී වැඩුනේ. මගේ පාසල අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල. උසස් පෙළට මම නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හැදෑරුවා. නමුත් මම තියරි පැත්ත විතරයි ඉගෙනගත්තේ. ප්‍රායෝගික පැත්ත හැදෑරුවේ නැහැ. ඒ විෂයට මගේ ලොකු කැමැත්තක් තිබුණෙත් නැහැ. කැලණිය සරසවියට ආවට පස්සේ මම නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රවේදි විශේෂ උපාධියක් හදාරන්න පටන් ගත්තේ. නමුත් චන්දිමා පූර්ණකාලීනව රංගනයෙහි නිරතවන්නියක් නෙවෙයි නේද? මම රජයේ රැකියාවක් කරන ගමන් තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයකයි මම සේවය කරන්නේ. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් ආර්ථික මට්ටමක් තිබුණාම ඇති කියලයි මම හිතන්නේ. රැකියාවක් කරන ගමන් කලා කටයුතු කිරීම තුළින් මට යම්කිසි තෝරාගැනීමකින් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. චන්දිමා සම්මානනීය නිළියක් නේද... සිල්ගත් බිල්ලෝ නාට්‍යයෙහි රංගනය වෙනුවෙන් එක් වරක් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නිළියට නිර්දේශ වුණා. කෙටි චිත්‍රපට උළෙලවල් දෙකකදීම මම හොඳම නිළිය සඳහා සම්මාන ලබාගෙන තියෙනවා. 25 වැනි සුමති සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට මාව නිර්දේශ වෙලා තියෙනවා, රසික ගමආරච්චි මහත්මයගේ අවසන් හුස්ම තෙක් ටෙලි නාට්‍යයේ ලවන්තියාගේ චරිතයට. චන්දිමා චරිතාංග නිළිය, සම්මානනීය නිළිය කියන තැනටද මේ පෙරුම් පුරන්නේ... ඕනෑම කෙනෙක් කැමතියි තමන්ට ඇගයීමක් ලැබෙනවට. නමුත් මම සම්මාන බලාගෙන රඟපාන්නෙ නැහැ. මට ලැබෙන චරිතය හොඳින් කරලා නිර්මාණයේ සාර්ථකත්වයට උදව් වීමයි මගේ අරමුණ. මේ වෙද්දි ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවා. අපි චරිතයක් සාර්ථකව කළාම, ඒ වගේ චරිත ලැබෙන්න පටන් ගන්නවා. එවැනි සමහර චරිත මම තෝරගත්තෙ නැහැ. මම හිතන්නෙ චරිතාංග නිළියක් වෙන්න නම් එකම රාමුවකට කොටුවෙලා ඉන්න හොඳ නැහැ කියලයි. නමුත් ප්‍රධාන පෙළේ චරිතයක් වෙන්නවත් ප්‍රධාන චරිත කරන්නවත් මගේ අරමුණක් නැහැ. මම කැමතියි මම කරන චරිතය රසිකයන්ට දැනෙන විදිහට කරන්න. කලාකාරියක් වීමට චන්දිමාට ගමේ ගෙදරිනුත් ලොකු හයියක් ලැබුණද? මගේ පවුලේ කිසි කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. අපේ තාත්තා රජයේ රැකියාවක් කරපු කෙනෙක්. අම්ම රැකියාවක් කළේ නැහැ. අක්කලා තුන්දෙනාම දැන් විවාහ වෙලා දරුවන් හදාගෙන ජීවත් වෙනවා. මම හිතන්නේ මම විශ්වවිද්‍යාලයට තේරීම සහ කොළඹට පැමිණීමත් සමග තමයි මම කලාවට පිවිසෙන්න අවකාශ ලැබෙන්නේ. මගේ ආරම්භය ඉතාමත් දුෂ්කරයි. උපාධිය හදාරන ගමන් අවුරුදු හතරක් විශ්වවිද්‍යාලයේ සාමූහික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා වැඩ කරලා තමයි මම මෙතැනට එන්නේ. සැබෑ දිවියේ ළමාහාමි සිය සැමියා හා ගෙවන ජීවිතයේ තොරතුරු පවසනවා නම්... ඔහු තරිඳු ගංගානාත්. මගේ සැමියත් මම වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති විශේෂවේදී උපාධිය හදාරලා තියෙන්නේ. මගේ බැච් එකේමයි. එයා දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික රැකියාවක් කරනවා. අපි දෙන්නම කොළඹ නෙවෙයි. මම අනුරාධපුරයේ, එයා කුරුණෑගල. මේ වෙද්දි අපි දෙන්නගේම වැඩවල පහසුවට කොළඹ ස්ථිරවම පදිංචි වෙලා ඉන්නේ. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..