brand logo

වනජීවී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන්

23 February 2020

වනජීවී නිලධාරීන් දින 3ක සිට ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද(24) නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. අද දහවල් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. විෂය භාර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා වනජීවි නිලධාරින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සතියක් තුළ විසඳුමක් ලබාදෙන බවට දුන් පොරොන්දු හේතුවෙන් ඔවුන් මෙම වර්ජනය අවසන් කර ඇත. දැනට ලබාදෙන අතිකාල දීමනා පැය ගණන 150ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම වර්ජනය ඉකුත් 20 වනදා ආරම්භ කල අතර 21 වනදා සිට දිවයිනේ සියළු වනජීඊ කාර්යාල වසා දැමීමට ඔවුන් කටයුතු කළේය.
 

More News..