brand logo

වනජීවී ඇමැති ස්වයං නිරෝධායනයට

27 January 2021

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද(27) හඳුනා ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ඒ මහතා ස්වච්ඡාවෙන්ම ස්වයං නිරෝධනය සඳහා යොමු වී ඇත. වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂෙත්‍රයට අදාල නිෂ්පාදනකරුවන් වෙත භාණ්ඩ බෙදාදිමේ උත්සවයක් පසුගිය 24 වනදා අමාත්‍ය සි.බි.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍යය අමාත්‍යය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් පවත්වා තිබේ. තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකදී කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් මීට පෙර ද අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමුව සිට ඇත. එහිදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලින් අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ
 

More News..