brand logo

වනජීවීන් හා රක්ෂිත භූමි දැඩි අවදානමක

19 February 2021

වනජීවීන් ඇතුළු රක්ෂිත භූමි ප්‍රදේශ දැඩි අවදානමකට ලක්ව ඇති බව සඳහන් කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ. වනජීවි නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට මේ වන විට රාජකාරි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, ගම සමග වැඩසටහනේදී වගා ඉඩම් සම්බන්ධව ගනු ලබන තීන්දු සහ ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශ පදනම් කරගනිමින් ජනතාව නීතියට අවනත නොවන තත්ත්වයක් උද්ගතව ඇතැයිද එම ලිපියේ සඳහන් කර තිබේ. ජනතාව සතුටු කිරීම සිදු කළ යුතු නමුත් ජාතික සම්පත් අනතුරේ දැමීම සමස්ත පුරවැසියන්ටම පසුකාලීනව විපාක විදීමට සිදුවනු ඇතැයිද එහි සඳහන්ය. කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කර වගාවන් සඳහා නිදහස් කිරීමෙන් පසුකාලීනව ප්‍රතිඵලය වනුයේ දෙවැනි තෙවැනි පරම්පරාව එහි ජනාවාස ආරම්භ කිරීම බවත්, ඉන්පසු ජනාවාසයට ආසන්න කැලෑ ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් අනවසරයෙන් අල්ලා වගා කටයුතු සඳහා යොදා ගැනීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් එම ලිපියේ දැක්වේ. සාලිය කුමාර ගුණසේකර
 

More News..