brand logo

වතු නිවාස 15ක් හුදකලා කරයි

12 June 2021

බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කර තිබේ. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ ඊයේ (11) දින එම වතු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 28දෙනෙකු හදුනාගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි. එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් වන නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කර තිබේ. හුදකලා කළ එම වත්තේ මැද කොටසේ පවුල් 114කට අයත් සාමාජිකයින් 374දෙනෙකු ජීවත්වන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි. මෙම තත්ත්වයත් සමගඑම වතු යායට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද කටයුතු කර තිබේ.
 

More News..