brand logo

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ද සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

07 February 2019

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇති බව සඳහන් වෙයි. මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නියෝජනය කරමින් කැබිනට් නොවන අමාත්‍ය වී.රාධා ක්‍රිෂ්ණන් මෙන්ම කැබිනට් නොවන කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකද එක්ව සිට ඇති බව සඳහන් වන අතර ඊට අමතරව වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු කම්කරු වෘත්තීය සමිති ද සාකච්ඡාවට සහභාගි වී ඇත. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට නොහැකි බව මෙහිදී හාම්පුතුන්ගේ සංගමයේ නියෝජිතයන් ප්‍රකාශ කිරීම හේතුවෙන් සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇත.
 

More News..