brand logo

වතු කම්කරුවන්ගේ දෛිනක වැටුප රු. 1000 දක්වා වැඩි කෙරේ

08 February 2021

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ නැංවීමට තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා තීරණය කර ඇත. අද (08) රැස් වූ වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ තේ සහ රබර් සදහා වන පඩිපාලක සභාවලදි මෙම තීරණයට එළඹි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පසුගිය මාස කිහිපයක මෙම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබේ. දෙපාර්ශවය ඉදිරිපත් කළ කොන්දේසි වලට දෙපාර්ශවයේම ඇති වූ පරස්පර විරෝධීතාවයන් නිසා එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි වූ නිසා, පඩි පාලක ස්ථාපිත කොට ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන් හි වතු කම්කරුවන්ගේ වැටුප් පිහිටුව අද (08) දින එම වැටුප් තීන්දුව ප්‍රකාශයට පත් කළ බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. මෙහිදී වෘත්තී සමිති නායකයන් විසින් ඉදිරිපත් කළ යෝජනාව වූයේ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් ලබාදීමයි. මෙම යෝජනාව සදහා හාම්පුතුන් එකග නොවූ අතර ඒ අනුව එම යෝජනාව පිළිබදව පැවැත් වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට අටක් ලෙස වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය.
 

More News..