brand logo

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය ජනපති සමග සාකච්ඡා

10 December 2018

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද (10) දින සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති හා මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමණ් මහතා පැවසිය. ආරුමුගන් තොණ්ඩමණ් මන්ත්‍රිවරයා ඒ බව කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා වෘත්තිය සමිති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඊයේ(09) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය සාකච්ඡාවේදිය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමණ් මහතා කියා සිටියේ වතු කම්කරුවන් දෛනික මුලික වැටුප රු 1000 ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 6 වෙනි දිනටත් ක්‍රියාත්මක බවය. හෙට (10) දින සිට එම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට වතු කරය නියෝජනය කරන සෙසු වෘත්තිය සමිතිවල සහයෝගය ලබාදිමට එකග වු බවයි තොණ්ඩමණ් මහතා කියා සිටියේ. වතු කම්කරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටින අවස්තාවේ ශ්‍රේෂ්ටාධිකරණ අතුරු තහනම් නියෝගය හේතුවෙන් එම සාකච්ඡාව ඇණ හිටි බවයි. වතු සමාගම් වතු කම්කරුවෙකුට දැනට ගෙවන රු 530 දෛනික මුලික වැටුප රු 600 දක්වා වැඩි කර සියළුම දිමනා සමග රු 1012 වැටුපක් ලබාදෙන බවට ඉදිරිපත් කල යෝජනාව තමන් පිලිගන්නේ නැති බවද තොණ්ඩමණ් මහතා පැවසිය. තමන් ඉල්ලන රු 1000 දෛනික මුලික වැටුප වතු සමාගම්වලට ලබාදිමට හැකියාව තිබියදි එම මුදල ලබා නොදෙන්නේ නම් තේ වතු යලිත් රජයට භාර දිය යුතු බවයි තොණ්ඩමණ් මහතා කියා සිටින්නේ. මෙම මාධ්‍යය සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරු වන පි.සත්‍ය‍වේල්, කනපති කනගරාජ් යන මහතුන්ද සහභාගි විය. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..