brand logo

වතුකරයේ නව පෙරමුණ නායකත්ව අර්බුදයක

16 June 2019

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වතුකරයේ දේශපාලන පක්ෂ සන්ධානගත වී පිහිටුවීමට සැලසුම් කළ නව දේශපාලන පෙරමුණ නායකත්ව අර්බුදයක් හේතුවෙන් තාවකාලිකව නතර වී තිබේ. නව දේශපාලන පෙරමුණ පිහිටුවීම සඳහා පැවැති සාකච්ඡා වට කිහිපයකදීම එම පෙරමුණේ නායකත්වය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පා.ම. ආරුමුගම් තොණ්ඩමන් මහතාට හිමිවිය යුතු බව ප්‍රකාශ කිරීමත් ඒ සඳහා ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝගනේෂන් හා නියෝජ්‍ය නායක අමාත්‍ය පී. දිගම්බරම් මහතුන් විරෝධය පළ කිරීමත් ඊට හේතු වී ඇති බවද වාර්තා වේ. මේ පිළිබඳව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් වතු කම්කරු ජනතාවට ලබා දෙන ලද පොරොන්දු බහුතරයක් ඉටුනොවීම නිසා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් වෙත වතුකම්කරු ජනතාවගේ ඉටු නොවුණු පොරොන්දු දිනාගැනීම සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමේ අරමුණින් පිහිටුවීමට නියමිත නව දේශපාලන පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කොට එම පෙරමුණේ නායකත්වය තමන් වෙත ලබා දිය යුතු බව ආරුමුගම් තොණ්ඩමන් ප්‍රකාශ කිරීම නිසා එම පෙරමුණ පිහිටුවීම තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වෙයි. රංජිත් ගුණවර්ධන
 

More News..