brand logo

වත්මන් රජය දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝණය කරනවා - දිලුම්

26 September 2019

මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් හට දනිහෙන් පල්ලෙහාට පමණක් නොව ඕනම තැනකට වෙඩි තියන්න කියා මීට පෙර ප්‍රකාශ කළ මැතිවරණ කොමසාරිස්වරයා, අද වන විට සිදුවන මැතිවරණ නීති රීති දිගින් දිගට දිගටම උල්ලංඝනය වන විට නිහඬව බලාසිටීම විශාල ගැටළුවක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි. සමෘද්ධි බැංකු හා කාර්යාලවල වසර පහක පමණ කාලයක් අඩු,වැඩි වශයෙන් සේවයේ නිරතව සිටියදී අසාධාරණ ආකාරයෙන් සේවයෙන් පහ කළ බව පැවසෙන තරුණ තරුණියන් පිරිසක් හමුවේ මහනුවරදී මන්ත්‍රීවරයා ඉහත අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා.... වර්තමාන රජය මේ වන විට දිගින් දිගටම මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කරනවා. මේ වන විට බහුතර රාජ්‍ය ආයතන වලට විශාල වශයෙන් පත්වීම් ලබා දෙනවා. සිමෙන්ති ,සෙවිලි තහඩු කන්ටේනර් පිටින් බෙදෙනවා. ලක්ෂ ගණන් සල්ලි බෙදනවා. මෑත කාලීනවම සිදුවූ දෙය තමයි දීර්ඝ කාලය තිස්සේ සමෘද්ධි බැංකු වල හා සමෘද්ධි කාර්යාලවල පරිගණක ක්‍රියාකරුවන් වශයෙන් සේවය කළ තරුණ තරුණියන් දෙදහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවයෙන් ඉවත් කොට මැතිවරණය ප්‍රකාශ කළාට පසුව දෙදහස් තුන්සියකට පමණ පිරිසකට දේශපාලන පත්වීම් ලබාදීම. පරණ දින යොදල තමයි මේ පත්වීම් ලබා දී තිබෙන්නේ. දයා ගමගේ අමාත්‍යවරයා සිදුකළ මෙම පත්වීම් වලින් බහුතරයක්ම අම්පාර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට ලබා දී ඇති බවද අමුණුගම මහතා පැවසීය. අපි මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානයට යොමුකරනවා . ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර එනම් මේ මාසයේ 11 දිනය යොදා තමයි මෙම පත්වීම් ලබා දීලා තියෙන්නෙ. නමුත් 23 වෙනිදා තමයි මේ පත්වීම් ගන්න මේ අය ඇවිල්ලා තියෙන්නෙ .ඕනම කෙනෙක් පත්වීමක් ලැබුණාම දවසක් දෙකක් ඇතුළත පත්වීම් ලබා ගන්නවා .ඒත් මේ පත්වීම් ලද පිරිස් සති කීපයක් ගියාට පස්සෙ තමයි වැඩ භාරගන්න ඇවිල්ල තියෙන්නෙ. එකෙන්ම මේ වංචාවක් බව තේරෙනවා මැතිවරණයක් ප්‍රකාශ කළාට පසු අල්ලස් දීම තමයි වෙලා තියෙන්නෙ. මේ අයට දේශපාලන පත්වීම් දීල නිල්ලඹ ,නිලාවැලි හා සමනල වැව පුහුණු මධ්‍යස්ථානවලට ගෙනල්ල එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කටයුතු කිරීම තමයි පුහුණු කරන්නේ. අපි ඒ නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීම හා නීතිමය පියවර ගැනීම සිදු කරනවා යැයිද හෙතෙම කිය.
 

More News..