brand logo

වත්මන් රජයට ආර්ථිකයෙන් ගොඩ එන්න සැලැස්මක් නැහැ

29 September 2019

ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශ්‍රී ලංකාව මැදිවන ලෙස වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (29) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැති ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා..., අපේ රජයක් යටතේ රටේ ස්වෛරීභාවය සහතික කර ගත යුතුව තිබෙනවා. පොඩි රටක් වූ පලියට ලෝක බලවතුන්ගේ අරගලවලට මැදිහත් වීමේ හැකියාවක් අපිට නැහැ. අපි කවදත් අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගත් නොබැදි පිළිවෙලතක් ගෙන ගිය රටක්. මේ වන විට විවිධ බලවතුන්ගේ මැදිහත්වීම නිසා අපේ නොබැදි ප්‍රතිපත්තිය ගිලිහී යමින් තිබෙනවා. අපිට පැහැදිලි දැක්මක් හා සැලැස්මක් තිබෙනවා කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩ ගන්න. අපේ අර්ථික සැලැස්ම සැකසිලා තියෙන්නේ සමසමාජ පක්ෂයේ හදවතට කිට්ටු ජනතා කේන්ද්‍රිය වැඩපිළීවෙලක් විදියටයි. අපේ ජනතාව දිලිදු බවෙන් පෙලනවා නම් වැඩක් නැහැ. දුප්පත් බවින් පෙලෙන ජන කොටස් ජීවතයේ ඉහළට නංවා සිටීමට හැකි වන ලෙස අපේ ආර්ථීක සැලැස්ම සකස් විය යුතුයි. අපි සිටින්නේ ආරථීකයේ කේන්ද්‍රස්තානය බවට පත්වූ ආසියාවේ. අද ආසියාව ක්‍රමයෙන් දියුණු වෙමින් පවතිනවා. ජපානය, සිංගපුපූරුව, මැලේසියාව ආශ්‍රිතව හොඳ වෙලද පොලක් ඇති වෙමින් තිබෙනවා. අපි මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත යුතුයි. වසර 30ක් අපිට ත්‍රස්තවාදය නිසා මග හැරුණා. මේ අවස්ථාව මග ඇරෙන්න දෙන්න බැහැ. අවාසනාවකට පසුගිය වසර හතරහමාරක කාලය තුල වත්මන් රජයට ආර්ථීකයෙන් ගොඩ එන්න සැලැස්මක් තිබුනේනැහැ. මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේ මේ රටට තිබුණු විශාලම අබියෝගය වුනු ත්‍රස්තවාදය අපි වසර දෙකහමාරක් ඇතුළත අවසන් කළා. රටේ ආරක්ෂාව තහවුරු කළා. විදේශීය ආයෝජකයින්ට ආකර්ශනය වන රටක් බවට පත් කරලා රට සංවර්ධනය කරමින් ඒ හරහා රැකියා උත්පාදනය කරන්නත් ව්‍යවසායකයින් බිහි කරන්නත් හැකියාව ලැබුණා.
 

More News..