brand logo

වත්මන් මන්ත්‍රීවරුන්ට තමිල් අරුසුකච්චියෙන් නාම යෝජනා නෑ

25 January 2020

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටින කිහිප දෙනකුට මැතිවරණ අපේක්ෂකත්වය ලබා නොදීමට තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර ඇත. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන්ට නාම යෝජනා ලබා නොදීමට අවධානය යොමු වී තිබේ. වවුනියාව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා උපකරණ ගෙන්වීම සඳහා පසුගිය රජයෙන් රුපියල් කෝටි 20ක බදු සහනයක් මන්ත්‍රීවරයා ලබා ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයට වාර්තා වී ඇත. එම කර්මාන්තය සඳහා තවත් බදු සහනයක් වත්මන් රජයෙන්ද ලබා ගැනීමට මන්ත්‍රීවරයා උත්සාහ දරන බව දෙමළ ජාතික සන්ධානයට වාර්තා වී තිබේ. මේ පිළිබඳව අවධානය යොමු කර නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇත. මේ පිළිබඳ දැනගත් මන්ත්‍රීවරයා යාපනය ප්‍රදේශයේ වෙනම ශාඛා සමිති නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාද මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා ඇත. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළත් පසුව එම තීරණය වෙනස් කර ඇත. ඊට හේතු වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට නැගෙනහිර පළාතෙන් ලැබෙන ඡන්ද සංඛ්‍යාව අඩුවේයැයි හේතුවෙනි. උදයජීව ඒකනායක
 

More News..