brand logo

වත්මන් ජනාධිපතිවරයා බොහොම සරළයි

22 February 2020

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමා පුද්ගලිකව එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හාරිස්පත්තුව ප්‍රෙද්ශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්කළේ ,පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති වත්මන් විපක්ෂය, ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලට පවා විරුද්ධ වන බවට තමා  කල්තබා තේරුම්ගෙන සිටි බවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබේ. අද පෙරවරුවේ මහනුවර වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන්ශ්‍රී දළදා සමිඳුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් එමපාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.  
 

More News..