brand logo

2019 අයවැය යෝජනාව ඇමති මංගල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

05 March 2019

වත්මන් ආණ්ඩුවේ 5 වන අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කර තිබෙනවා.

4:22 PM - පාර්ලිමේන්තුව හෙට (06) උදෑසන 9.00 තෙක් කල් තැබේ.

4:15 PM - කැසිනෝ බලපත්‍ර ගාස්තුව මිලියන 200 සිට 400ට වැඩි කරනවා. මිලියන එකක ගාස්තුවක් අයකරනවා. 4:14 PM - 6/1 සිට කැසිනෝ ඇතුළත්විමේ ගාස්තුව ඩොලර් 50ක් කරනවා. ආනයනික සේවා ගාස්තු බදු සංශෝධය කරනවා. පළතුරු බීම මත පනවා ඇති රේගු ආදායම් බදු සංශෝධන කරනවා. 4:14 PM - විදේශීය මත්පැන්වල මිල වැඩිකරනවා. ගල් අරක්කු මිල ඉහළ යන්නේ නෑ. 4:12 PM - දුම්කොල බද්ද 2500 සිට 3500 දක්වා වැඩිකකරනවා. නැව් නැගීමේ ගාස්තු ඩොලර් 10කින් වැඩිකරනවා. 4:11 PM - 2019/6/1 දා සිට නව ගුවන් ගමන් ගාස්තු සංශෝධනය කරනවා. එක්දින සේවාව 5000කින් සමානය සේවව 3000 සිට 3500 දක්වා. මෝටර් රථ විශේෂ අංක තහඩු ගාස්තු සංශෝධනය කරනවා. නම ගහන අංක තහනඩුවකට රුපියල් මිලියකට ගන්න පුළුවන්. 4:10 PM - මෝටර් රථ වාහන නිශ්පාපාදන හා සුඛේපබෝඝී නිශ්පාදන බදු සංශෝදනය කරනවා. කුඩා මෝටර් රථ අවම බද්දක්. වාහන ආනයනයේදි 200%ක ආන්තිකය වෙනස් කරනවා. 4:09 PM - දුම්වැටි නිෂ්පාදනය සදහා වන බදු සංශෝධනය කරනවා. දුමිවැටි සඳහා (මිලි මී 60ට වැඩි) ජාතික ගොඩනැගීමේ බද්ද පැනවේ. රුපියල් 5කින් වැඩි කරනවා. 4:05 PM - යුධ සමයේ විනාශ වූ ප්‍රදේශ සංවර්ධනයට පැල්මයිරා අරමුදල යටතේ රුපියල් බිලියන 5ක්. 4:01 PM - සූර්ය බලශක්තිය මගින් විදුලි ලබාදීමට සෑම පන්සලකටම ලක්ෂ තුනක්. 4:00 PM - ගම්පෙරලිය යටතේ ආගමික ස්ථාන සංවර්ධනයට මිලියනය බැගින්. 3:58 PM - ජෝන්ද සිල්වා රගහලේ අලුත්වැඩියා කටයුතු 2020දී අවසන් කරනවා. ජාතික ප්‍රසාංගික මධ්‍යස්ථානය මොරටුවේදී ආරම්භ කරනවා. 3:57 PM - කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂණය සඳහා වැඩපිළිවෙලක්. අඛණ්ඩ ආදායමක් ලැබෙන ක්‍රියාපටිපාටියක්. 3:56 PM - ස්වාභාවික විපත් කළමනාකරණයට රු. මිලියන 20000ක් වෙන් කරනවා. 3:55 PM - කොළඹ නගර සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්. 3:54 PM - සමෘද්ධි වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 10000ක්. 3:53 PM - ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කෙරේ 3:52 PM - සමෘද්ධි බැංකු සතු මුදල් වලින් ගිණුම් හිමියන්ට රුපියල් 30,000 ක් දක්වා මුදල් ලබාගැනීමට අවස්ථාව. 3:50 PM - පානීය ජල ව්‍යාපෘතියන් සදහා රුපියල් මිලියන 45000ක් වෙන්කරනවා. 3:48 PM - අල්ලස් කොමිසම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්. 3:46 PM - හමුදා සාමාජිකයන්ගේ ගෙවල් කුලී දීමනාව 100%කින් ඉහළට. 3:45 PM - හමුදා සාමාජිකයින්ගේ  කමාන්ඩෝ දීමනාව රුපියල් 1000යේ සිට 5,000 දක්වා වැඩිකරනවා. 3:42 PM - රාජ්‍ය සේවකයන්ගේ වැටුප ජූලි මාසයේ සිට 2500කිිිින් වැඩි කරනවා. 3:40 PM - රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට සදහා රු. බිලියන 40ක් වෙන් කර තිබෙනවා. 3:39 PM - ග්‍රාමීය මාර්ග සන්වර්ධනය සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කෙරේ 3:38 PM - රුවන්පුර අධිවේගී මාර්ගය මේ වසරේදී ආරම්භ කරනවා. 3:34 PM - ප්‍රවාහන පද්ධතිය ගොඩනැගීමට අවධානය. ඉදිරි වසර 5 තුළ සහසර බස් නවීකරණ වැඩසටහනක්. 3:31 PM - බෝගම්බර සිර ගෙදර පොදු ස්ථානයක් ලෙස සංවර්ධනයට රුපියල් මිලියන 750ක් වෙන් කෙරේ. 3:29 PM - බේරේ වැව පවිත්‍ර කිරීමට ව්‍යාපෘතියක් 3:27 PM - අලි මිනිස් ගැටුම වැළැක්වීමට මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් 3:26 PM - ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණයට වසර දෙකක් - මිලියන 300 බැගින් සපයනවා. 3:25 PM - ක්‍රීඩාව සදහා රු. මිලියන 3800ක්. 3:23 PM - සුව සැරිය ගිලන් රථ වැඩසටහන සදහා රු. මිලියන 600ක්. 3:22 PM - ප්‍රාථමික සුව සත්කාරක වැඩපිළිවෙල සඳහා රු මිලි 1625ක්. 3:21 PM - නව සෞඛ්‍ය උපකරණ හා යටිතල පහසුකම් වෙනුවෙන් රු.මිලියන 24750ක් වෙන්කෙරේ. 3:20 PM - විවිධ කර්මාන්තවල ආධුනිකයන් පුහුණුව සඳහා යුධ හමුදාවෙන් වැඩපිළිවෙලක්. යුධ හමුදා කඳවුරු තුළදීම. 3:18 PM - දෙමළ භාෂා ගුරුවරු පුහුණුවට රුපියල් මිලියන 400ක්. 3:16 PM - රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල වල අධ්‍යාපන හැදෑරීමට මයි ෆියුචර් ණය ක්‍රමයක්. රුපියල් ලක්ෂ 11ක්. පොලී රහිතව. වසර දෙකක් යන තුරු ගෙවීය යුතු නැහැ. මුළු ණය ගෙවීමට වසර 12ක්. රු. මිලියන 200ක් ඒ සදහා වෙන් කරනවා. 3:13 PM - රුහුණු සරසවියට සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්. 3:15 PM - සරසවිවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 25,000ක්. 3:14 PM - පෙරපාසල් නියාමනයට නෛතික රාමුවක්. 3:13 PM - මේ වසරේදී හොඳම උසස් පෙළ ප්‍රතිඵල ගන්නා ශිෂ්‍යයන් 14 දෙනාට ලොව හොඳම සරසවි වල අධ්‍යාපන වරම්. 2020 වසරේදී ශිෂ්‍යයන් 24කට එම අවස්ථාව. 3:12 PM - පාසල් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 32000ක්. 3:09 PM - විදෙස් ශිෂ්‍ය සංචාරකයන්ට ප්‍රවේශපත් ගාස්තුව 50%කින් අඩු කෙරේ. 3:08 PM - මුදල් අමාත්යාංශය සඳහා ආදායම් පරිපාලක ඒකකයක් පිහිටුවීමට පියවර. 3:06 PM - ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට වෙන්කෙරුණු මුදල රුපියල් ලක්ෂ 05 සිට 10 දක්වා ඉහලට 3:05 PM - මුදල් අමාත්යාංශය සඳහා ආදායම් පරිපාලක ඒකකයක් පිහිටුවීමට පියවර. 3:03 PM - දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා. 3:02 PM - වරාය හා ගුවන් තොට සංවර්ධනයට 2.5%කින් බදු අඩු කෙරේ. 3:01 PM - බිංගිරි වෙළද කලාපය සංවර්ධනයට රු මිලි 500ක් 2:54 PM - විදේශගත ශ්‍රමිකයන් "සිහින මාලිගා" නව ණය යෝජනාවක්. හෝම් ස්වීට් හෝම් නිවාස ණය වැඩපිළිවෙලක් 6%ක පොලියකට. අවු 25කින් ගෙවීමට. 2:52 PM - බන්ධනාගාරගතව සිටින කාන්තාවන් වෙනුවෙන් අත්කම් පුහුණු මධ්‍යස්ථානයක් දොම්පේ ඉඳිකිරීමට රු. මිලියන 50ක් වෙන් කෙරේ. 2:50 PM - හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක්. 2:46 PM - විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් දැනට ලබාදෙන රු. 3000 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළට. 2:45 PM - පෞද්ගලික අංශයේ මව්වරුන්ට මාස 3ක අතිරේඛ ප්‍රසූත නිවාඩු දීමට දිරි ගැන්වීම්. ප්‍රසුත නිවාඩු ලබා ගන්නා එක් අයෙකුට 20000ට අඩු වැටුප් සමාගම් බදුවලින් නිදහස් කරනවා. ප්‍රසූත නිවාඩු මාස 4 දක්වා දෙන්නේ නම් අතිරේක මාසය සඳහා වැටුප් ලබාදීම 100%ක් කරනවා. 2:41 PM -ලංකාවේ සියලුම බස් නැවතුම් සහ දුම්රිය ස්ථානවෙත නවීන වැසිකිලි ඉදිකර පෞද්ගලික අංශයට එය නඩත්තු කරගෙන යාමට භාරදෙනවා.  ඒ සදහා රු. මිලියන 4000ක්. 2:37 PM -සේවකයින් 250ට වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට පියවර. 2:36 PM - ග්‍රාමීය ප්‍රාථමික දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක්. 2:35 PM - පේදුරුතුඩුවේ සහ පේසාලේ නව ධීවර වරායන් 02ක් ඉදිකිරීමට රු. බිලියන 1.3ක් වෙන් කරනවා. ‌2:33 PM - වතු කම්කරු ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයාගෙන් පොරොන්දු 2:32 PM -කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පුහුණු කිරීම්වලට රු මිලියන 75ක්. 2:31 PM -පොල් හා මැටි කර්මාන්තවලට ඇති නීතිමය බාධා ලිහිල් කෙරේ. 2:29 PM -රට තුළ රබර් වගා කිරීම සදහා දිර ගැන්වීම් වැඩිකරමින් රු. මිලියන 800ක් 2:27 PM - කුඩා ට්‍රක් රථ මත පනවා ඇති බදු අඩු කිරීමට යෝජනා. 2:25 PM - ආගමික ස්ථාන සංවර්ධනයට වෙන් කෙරුණු මුදල රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා ඉහළට. 2:21 PM -ගම්පෙරලිය සංවර්ධවන වැඩසටහනට රුපියල් මිලියන 48,000ක්.    
 

More News..