brand logo

වත්මන් ආණ්ඩුවේ සොරකම් සිදුවුවද මිනී මැරීම් සිදු නොවන බව රාජිත කියයි

12 February 2019

මෙරට සෞඛ්‍ය සේවය මේ වනවට සම්පූර්ණයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. මහියංගන මූලික රෝහලේ ඉදිකරීමට යෝජිත නව වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර තමන් සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්නා විට සෞඛ්‍ය සේවයේ මෙන්ම රෝහල් ක්ෂේත්‍රයේ අඩු පාඩුකම් බොහොමයක් තිබු බවත් මේ වන විට යුරෝපා සංගමයේ ආධාර යොදා ගනිමින් සියළුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංවර්ධන කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි නවීන පහසුකම් ඇතිව රෝහල් ඉදිකිරිමෙන් කොළඹට පැමිණේන රෝගීන් අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙලෙස මුදල් යොදවමින් සංවර්ධන කටයුතු සිදු කිරිමේදි තමන්ට රජයෙන් හො කැබිනට් මණ්ඩලයෙන් බාධා ඇති නොවු බවද එම යහපාලනයේ ස්වභාවය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි අතර වත්මන් ආණ්ඩුවේද අඩුපාඩුකම් තිබුනද පසුගිය ආණ්ඩුවට වඩා යහපත් ක්‍රම වේදයක් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම වත්මන් ආණ්ඩුවේද සොරකම් සිදු වීමට හැකි වුවද මිනී මැරීම් සිදු නොවන බවත් යහපත් දේශපාලනමය ක්‍රමවේදයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
 

More News..