brand logo

වත්තේගම සිවදාසන් අරුණ සමග මිලියනයක් දිනා ගනී

06 December 2019

දිනපතා ‘‘අරුණ’‘ පුවත්පත මෙහෙය වූ ‘‘අරුණ සමග මිලියනයක්’‘ තරගය දෙවැනි දිනුම් ඇදීම ඊයේ (05වැනිදා) ‘‘අරුණ’’ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. තරගයේ ජයග්‍රාහකයා වශයෙන් වත්තේගම පදිංචි එස්. සිවදාසන් තේරී පත්විය. දිනුම් ඇදීම සඳහා යොමු කර තිබුණේ ‘‘අරුණ සමග මිලියනයක්’’ තරගය සඳහා නොවැම්බර් මාසයේ ලැබණු විසඳුම්පත්ය. ලිබර්ටි පබ්ලිෂර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් දිනුම් ඇදීම සිදු කෙරිණි. ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රවීන් කනිෂ්ක විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමින් ජයග්‍රාහකයා තෝරා ගත්තේය. ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනැමීම අද (06 දා) ‘‘අරුණ’’ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරේ. ‘‘අරුණ සමග මිලියනයක්’’ තරගයේ ප්‍රථම ජයග්‍රාහකයා වූයේ වාද්දුව පොතුපිටියේ කවීෂ සඳරුවන් හේමපාලය.
 

More News..