brand logo

වත්තල 774කට කොවිඩ්

18 November 2020

වත්තල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (16 වැනිදා) වාර්තා වූ අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ මේ වන විට ආසාදනයට ලක්වූවන් 774 දක්වා වැඩිවී ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී යූ. ඇසෙන්ඩා පැවසුවාය. වත්තල මාබෝල නගර සභාවට අයත් පල්ලිය පටුමග සීමාව තුළින් පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු හඳුනාගෙන ඇති බවද ඇය පැවසුවාය. මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක 2500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද වෛද්‍යවරිය පවසා සිටියාය. ටී.කේ. බර්නාඩ් - ජාඇළ
 

More News..