brand logo

වත්තල බෝනික්කෝ කම්හලේ 49දෙනෙකුට පොසිටිව්

02 November 2020

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේ අපනයනය සඳහා ළමා සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක (බෝකේකෝ කම්හලක) සේවකයන් 49 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇත. එම ආසාදිතයන් අතරින් 45 දෙනකු කාන්තාවන්ද, සිව් දෙනකු පිරිමි සේවකයන්ද වන බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර පවසයි. මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1000 කට අධික පිරිසක් සේවයේ යෙදී සිටින ජර්මනියට අනුබද්ධ කර්මාන්ත ශාලාවක් බවට අනාවරණය වී ඇත. ටී. කේ. බර්නාඩ් - ජාඇල ප්‍රසංග පාවුළුහේවා - කටුනායක ආරියපාල වීදාගම - දොම්පේ මෙම පුවත සම්බන්දයෙන් මීට පෙර ඵල කළ පුවත

ආසාධිත තරුණිය රෝහල් ගත කරන්න ගෙන යද්දී අසල්වැසියා හූ කියලා

 

More News..