brand logo

වත්තල ප්‍රදේශ කිහියකට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

02 December 2020

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (03) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට උදෑසන 10.00 සිට අනිද්දා (04) පෙරවරු 4.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවනු ඇත. හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි. හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද සහ හැඳල මාර්ගයේ කොටසකට ජල සැපයුම අත්හිටවනු බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
 

More News..