brand logo

වඩේ තෝසේ ඉට්ලි කුඩා වේ - මිල නගියි

15 February 2020

දේශීය වගා කළ හැකි ධාන්‍යය ආනයනය කිරීම නතර කිරීමේ වැඩසටහන යටතේ කහ සහ උඳු ආනයනය නතර කිරීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ඒවායේ මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. රටට අවශ්‍ය තරම් නිෂ්පාදනය නොකිරීම නිසා ඒවා ආනයනය කිරීමට සිදුවන අතර මාසික කහ මෙට්‍රික්ටොන් 500-600 ක පරිභෝජනයක් ද, උඳු මෙට්‍රික්ටොන් 1500-1600 පරිභෝජනයක්ද පවතී. මීට පෙර කහ කිලෝ ග්‍රෑමයක් රුපියල් 102 ක ආනයන බදු මත තොග වෙළෙඳපොළේ රුපියල් 325 කට අලෙවි වූ අතර උඳු කිලෝ ග්‍රෑමයක් ආනයනික බදු රුපියල් 200 ක් සමග රුපියල් 425 කට අලෙවි විය. එම ද්‍රව්‍ය ආනයනය කිරීමත් සමග කහ කිලෝ ග්‍රෑමයක තොග මිල රපියල් 650 ත්, උඳු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 700දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර ආනයනය කර තිබූ එම ද්‍රව්‍යයවල තොග ඒ ආශ්‍රිත නිෂ්පාදනය කරන සමාගම් ඒවා තොග පිටින්ම මිලදී ගෙන ඇති අතර මෙම තහනම නිසා එම ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදනය කරනු ලබන ආහාරවල ගුණාත්මකභාවය හා ආහාරවල මිල ඉහළ දමා තිබේ. මෙම තත්ත්වය මත තෝසේ, වඩේ, ඉට්ලිවල ප්‍රමාණය හා මිල ද ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය මත කහ සහ උඳු ආනයනයට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇතත් තවමත් යහපත් ප්‍රතිචාරයක් හිමිව නොමැති බව වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..