brand logo

වටේ බුරන බල්ලෝ මට අදාළම නෑ

24 October 2022

නිරූපණ ශිල්පිනියක් ලෙසත්, නිරූපණ ක්ෂේත්‍රයේ ගුරුවරියක ලෙසත් මෑත කාලයේ ඉදිරියට පැමිණි ත්‍රිකලා ධරණිට විවේචන කීපයක්ම පසුගිය දින කීපයේ එල්ල වුණා. මේ සම්බන්ධයෙන් විස්තර දැනගත් අපි ත්‍රිකලාගෙන් ඒ ගැන විමසුවා. ත්‍රිකලා මේ දවස්වල ජීවිතේ එහෙම කොහොමද? මං හැමදෙයක් දිහාම ධනාත්මක විදිහට බලන කෙනෙක්. ඒ නිසා හරිම සතුටින් වෙනදා වගේම ඉන්නවා. පසුගියදා නිරූපණය පැත්තෙන් ලංකාවම හෙල්ලෙන විදිහේ ලොකු වැඩක් කළා. ඒ තමයි ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක කරපු එක. ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුගතව පුහුණුව ලැබූ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් 250 කට අධික ප්‍රමාණයක් එකම රෑම්ප් එකක් මත නිරූපණය කළ ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක තමයි ඒක. ඒ ගැනත් මතක් කරන්නම ඕන. May be an image of 5 people and people standing ජාත්‍යන්තරයත් එක්ක බැලුවම ලංකාව ඇතුළේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොනවද හිතෙන්නේ? ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රයයි ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයයි ගත්තම හරියට අහසයි පොළොවයි වගේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ මොඩ්ලින් මට තේරුම් ගන්න බෑ. අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයයි රංගන ක්ෂේත්‍රයයි පටලන් ඉන්නේ. ඒ නිසා නිරූපණ ශිල්පිනිය කවුද නිළිය කවුද කියලා වෙන්කරලා හොයාගන්න බෑ. ඒත් ජාත්‍යන්තරය තුළ වෙන්කරලා හඳුනගන්න පුළුවන්. මොකද නිරූපණ ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයි. රංගන ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයි. ඔය තත්ත්වය ඔබ වෙනස් කළා නේද? ඇත්තටම ඔව්. ඒක කොච්චර සාර්ථක වෙලාද කිව්වොත් මේ වෙනකොට ඒක ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් ඉන්න නිරූපණ පාසල බවට පත්වෙලා ඉවරයි. ඒ වගේම කියන්න ඕන ඒක තමයි දැනට ලංකාවේ නිරූපණය ගැන ජාත්‍යන්තර විෂය නිර්දේශය කරන එකම පාසල. නිරූපණය කරන කෙනෙක්ගේ පිට ඔපය විතරක් තිබුණට වැඩක් නෑ. විනයේ ඉඳන් පෞරුෂත්වය, කතා කරන විදිහ, ආකල්ප, හැසිරීම විතරක් නෙවෙයි කෑමබීම ගන්න හැටි පවා පුරුදු පුහුණු කරනවා. May be an image of 1 person and standing ත්‍රිකලාගේ ගමන බලාගෙන ඉන්න බැරි කීපදෙනකුත් ක්ෂේත්‍රයේ ඉන්න බව පේනවා... මගේ ගමන බලාගෙන ඉන්න බැරි ඉතින් ඊර්ෂ්‍යාකාරයන්ට තමයි. ඔය ඊර්ෂ්‍යාව කියන්නේ පෙර පවකට සමහර මිනිස්සුන්ට හැදෙන සුව කරන්න බැරි නිධන්ගත රෝගයක්. රෝග තත්ත්වය පාලනය කරගන්න බැරිවුණොත් ඒ මිනිස්සුන්ට කවදාවත් සතුටින් ඉන්න බෑ. ඇත්තටම මට ඊර්ෂ්‍යා කළා කියලා එයාලට ලැබෙන දෙයකුත් නෑ. මට නැතිවෙන දෙයකුත් නෑ. පසුගියදා අපි දැක්කා නිරූපණ ක්ෂේත්‍රයේ එක්තරා ප්‍රසිද්ධ චරිතයක් ඇගේ මුහුණු පොත හරහා ඔබට ප්‍රසිද්ධියේ චෝදනා කරලා තිබුණා... මං ඒ මිනිස්සු දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නේ නෑ. ඒක නිසා ඒ අයට මං මුකුත් කියන්නේ නෑ. මොකද මට ඒවට නාස්ති කරන්න තරම් වෙලාවක් නෑ. මගේ ගමන දැක්කම සහ ඒ අයට කරන්න බැරි දෙයක් මං කරලා පෙන්නද්දි එයාලගේ ඇස්වල නිකන් කටු අනිනවා වගේ ඇති. ඇත්තටම කොච්චර කතා හැදුවත් ත්‍රිකලා ධරණිගේ ගමන නවත්තන්න කාටවත් ලේසිවෙන්නේ නෑ. May be an image of 1 person, standing and outdoors එකම ක්ෂේත්‍රයක ඉඳන් කකුලෙන් අඳින අය ගැන ඔබට කියන්න දෙයක් ඇති... ඕනම ක්ෂේත්‍රයක එහෙම අය ඉන්නවා. අපි පාරේ යද්දි වටේ පිටේ බල්ලෝ බිරුවට අපි නැවති නැවති උන් එළවන්න යන්නේ නෑනේ. එහෙම කරන්න ගියොත් අපිට පරක්කු වෙනවා. මමත් එහෙමයි. මං යන ගමන පැහැදිලියි. මට හරි ඉලක්කයක් තියෙනවා. ඉතින් මං මගේ ගමන යනකොට පාර අයිනේ ඉන්න බල්ලෝ බිරුවට මං හැරිලා බලන්නේ නෑ. මට ඒ හැරිලා බලන වෙලාවත් හරි වටිනවා. බුරන බල්ලෝ ඇති වෙනකල් බුරලා බුරලා නවතියි. ඒ වෙනකොට ත්‍රිකලා ධරණී තවත් ඉස්සරහට ගිහින් තියේවි. මොන දේ වුණත් ත්‍රිකලා ධරණී හරි සතුටින් ඉන්න බව පේනවා? කිසිම රහසක් නෑ. මං පෙරළෙන පිට හොඳයි කියලා හැමදේම ධනාත්මකව දකින කෙනෙක්. ඉතින් මට අසතුටින් ඉන්න හේතුවක් නෑ. මං කොහොමත් හැමදාම සතුටින් තමයි ඉන්නේ. ත්‍රිකලා ධරණිගේ හැටි එහෙමයි. රුවන් එස්. සෙනවිරත්න May be an image of 1 person and standingMay be an image of one or more people and outdoorsMay be an image of one or more people and people standingMay be an image of one or more people, people standing, helicopter and outdoors
 

More News..