වට්සැප් Backups වලට විශේෂ ආරක්ෂාවක්
Android සහ iOS යන දුරකථන දෙකෙහිම WhatsApp Cloud Backups සඳහා නවතම End-to-end Encrypted ක්‍රමය හඳුන්වා දී තිබේ.
පසුගිය වසර පහ තුළ ද වට්සැප් විසින්ම මෙය Default සංකේතගත කර තිබුණි. කෙසේ වෙතත් ඔබගේ Backups සඳහා ඔබට End-to-end Encrypted සංකේතනය ක්‍රියාත්මක කළ හැකි වේ.
මෙය පාරිභෝගිකයා විසින් සකස් කර ගත යුතු බව වට්සැප් හිමිකරු වන මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව එය සිදු කරන ආකාරය වන්නේ
Settings > Chats > Chat Backup > End-to-end Encrypted Backup ලෙසයි.
මෙහිදී ඔබ කැමති මුරපදයක් හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64ක සංකේතාංකන මුර පදයක් භාවිතා කිරීමට සිදුවේ.
ඒ සියල්ල සැකසූ පසු ඔබේ යතුර හෝ මුරපදය නොමැතිව වට්සැප්, ගූගල්ට හෝ ඇපල් සමාගමට ඔබේ Backups කියවීමට නොහැකි වීම විශේෂත්වයක් වේ.
එනම් එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන එකම ගෝලීය පණිවිඩ සේවාව වට්සැප් බව වැඩිදුරටත් එම පණිවිඩයේ සඳහන් වේ..
WhatsApp End-to-end Encrypted Backup කිරීමට ඉඩ සලසන නව විශේෂාංගය Android හෝ iOS සඳහා නවතම වට්සැප් සංස්කරණයන්ට ඇතුලත් කර ඇති අතර එමගින් මෙම සේවාව සෙමින් සෙමින් ව්‍යාප්ත වනු ඇති බවට අදහස් පළකරයි