වට්ස්ඇප් නව සංශෝධන පිළිබඳව වයිබර් විරෝධය පළකරයි
12 January 2021
වට්ස්ඇප් නව සංශෝධන පිළිබඳව වයිබර් විරෝධය පළකරයි
12 January 2021
නොමිලේ කාර්යක්ෂම සන්නිවේදන සේවා සපයන ලොව ප්‍රමුඛතම ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තවත් ප්‍රධාන පෙළේ සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්හි රහස්‍යතා ප්‍රතිපත්තියේ නව සංස්කරණය පිළිබඳ සිය බලවත් විරෝධය පළ කරයි.
මීට ඉහතදී වට්ස්ඇප් පරිශීලකයින්ට තම වට්ස්ඇප් අංකය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිමේ හිමිකම ලැබී තිබුණ ද, ඉදිරියේදී එය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීම අනිවාර්ය වී තිබේ. සියලු වට්ස්ඇප් පරිශීලකයින් දින 30ක් ඇතුළත මෙම කොන්දේසියට එකඟ විය යුතු අතර, එසේ නොවන විට ඔවුන්ට තම වට්ස්ඇප් ගිණුම භාවිත කිරීමට නොහැකි වනු ඇත.
මෙම තත්ත්වය තුළ වට්ස්ඇප් පරිශීලකයින් මුහුණ දෙන අවදානම් තත්ත්වය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට, වට්ස්ඇප් සම-නිර්මාතෘ බ්‍රයන් ඇක්ෂන් 2018 වසරේදී පාර්මි ඔල්සන් සමඟ ෆෝබ්ස් වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පිළිබඳව අවධානය අවධානය යොමු කරමු.
ඔහු එහිදී තමන් වට්ස්ඇප් වෙතින් සමුගැනීමේ හේතුවත්, ෆේස්බුක් පරිශීලකයින්ට තම ෆේස්බුක් ගිණුම මකා දමන ලෙසට තමා ට්විටර් හරහා ප්‍රකාශ කිරීමේ හේතුවත් පැහැදිලි කරයි. “විශාල ආර්ථිකමය ප්‍රතිලාභයක් වෙනුවෙන් මම මගේ ග්‍රාහකයන්ගේ (වට්ස්ඇප්) රහස්‍යතාව විකුණා දැමුවා. ඒ තීරණය නිසා අද බොහෝ දෙනෙකු දුෂ්කරතාවයට පත් වී සිටිනවා. ගත වෙන හැම දවසක දීම ඒ ගැන මා පසුතැවෙනවා.” ඔහු එහිදී ප්‍රකාශ කළේය.
මෙසේ තම රහස්‍යතා ප්‍රතිපත්තියේ නවතම සංස්කරණය තුළින් ෆේස්බුක් තුළට මුළුමනින්ම අන්තර්ග්‍රහණය වීමට වට්ස්ඇප් ක්‍රියාකර තිබේ. මෙසේ වට්ස්ඇප් සහ ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත එකම ස්ථානයකට ගොනු වීමත් සමඟ, ඒවා පෙරට වඩා වැඩි වශයෙන් මූල්‍යමය ප්‍රතිලාභ වෙනුවෙන් භාවිත කිරිමේ හැකියාව විවර වේ.
සන්නිවේදන කටයුතුවලදී තම රහස්‍යභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන පුද්ගලයින් මේ පිළිබඳ දැඩි සැළකිල්ලක් දැක්විය යුතුව පවතී.
ඉකුත් ජනවාරි 4 වැනිදා දක්වා වට්ස්ඇප්හි පරිශීලක එකඟතා ලේඛනයේ මෙසේ සඳහන්ව තිබුණි.
- “ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීම අපි ප්‍රමුඛතාවයෙහි ලා සළකන්නෙමු. අපි වට්ස්ඇප් ආරම්භ කළ අවස්ථාවේ පටන් ම රහස්‍යතාව පිළිබඳ දැඩි ප්‍රතිපත්ති පෙළක් මත අපගේ සේවාවන් පිරිනමන්නෙමු”.
- “කෙසේ වුව ද, ඔබගේ වට්ස්ඇප් පණිවුඩ අන් අයට දර්ශනය වීම සඳහා ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමක් සිදු නොවේ. අපගේ මෙහෙයුම් සහ සේවාවන් පිරිනැමීමේ කාර්යය සඳහා සහාය වීම හැරුණු විට, සෙසු කිසිම අරමුණක් උදෙසා ෆේස්බුක් ඔබගේ වට්ස්ඇප් පණිවුඩ භාවිත නොකරනු ඇත”.