brand logo

වජිරගේ යෝජනාවට මංගල විරුද්ධ වෙයි

04 September 2019

පළාත්සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයන කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ (03) ගැටළුකාරී තත්වයක් මතු වී ඇත. එම යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කැමැත්ත පළ වී නොමැති බව වාර්තා වන අතර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කළ යුතු බවට වූ යෝජනාවට පක්ෂව අදහස් පළ කර ඇත. ඇමරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අදාළ යෝජනාවේ සඳහන් කර තිබී ඇත. ඒ පිළිබඳව ලබන සතියේදී තීරණයක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
 

More News..