brand logo

වගා ළිදකට වැටුණු අලි පැටවාට වනජීවියේ පිහිට

04 September 2018

කන්තලේ වාන්ඇල දිවුල්ගස්වැවදී වගා ළිදකට වැටුණු මාස 4ක් පමණ වයසැති අලි පැටවෙකු ඊයේ (3දා) කන්තලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දී තිබේ. අලි පැටවා ගොඩගත් වනජීවී නිලධාරීන් පැටවාගේ මව් අලියා පැමිණෙතැයි සවස් වන තෙක්ම බලා සිටියත් නොපැමිණි නිසා කන්තලේ අලි පාලන ඒකකයට රැගෙන විත් පසුව ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කර ඇත.
 

More News..