brand logo

වකුගඩුවක්‌ විකුණා කුඩු ගහපු පුද්ගලයෙක් මාට්ටු

20 January 2021

මත්කුඩු මිලදී ගැනීම සඳහා තම වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට විකිනු පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මහරගම පොලීසියෙන් වාර්තා විය. එම පුද්ගලයාව රෙදිපිළි සොරකමක් සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ බව ප්‍රකාශ කර තිබේ. සැකකරු රුපියල් ලක්ෂ 15කට වඩා අධික රෙදිපිළි මහරගම හයිලෙවල් පාර පදික වේදිකාවේ වෙළෙඳුන් ගෙන් සොරා ගෙන ඇති අතර ඒවා පිටකොටුව ප‍්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 150ක් ද සොයාගෙන තිබේ. වයස අවුරුදු 36ක් වන මෙම සැකකරු පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..