brand logo

වංසක්කාර මංකොල්ලකාරයින්ගේ යුගය අවසන් කිරීමට නව ජාතික බලයක් සහිත පුළුල් සන්ධානයක්

10 February 2020

රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම ගමන නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ, ඊයේ(09) ‘අලුත් පැතුමක් - අලුත් ගමනක්’ නමින් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ පැවති මහරගම විශේෂ ජනහමුවට සහභාගී වෙමිනි. මෙම නව සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන අතර එය ඉදිරියට ගෙනයාම මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ පමණක් නොව, දේශපාලන කතුරට අසුවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෑම දේශපාලන පක්ෂවල මෙන්ම සෑම ජන කණ්ඩායමකම වගකීමකි. මෙම නව සන්ධානය ජනතාවාදී පාලනයකි. ජනතාවාදී ගමන්මඟකි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වත්මන් ආණ්ඩු පාලනයට දැන් මාස 03 කට ආසන්නයි. ජනමාධ්‍ය දෙක තුනක් භාවිත කරමින් සිදුකළ දැවැන්ත කූට නාටකයක ප්‍රතිඵලයක් ලෙස තමයි ඔවුන් බලයට පත්වුණේ. මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, සහරාන්ල පිටිපස්සෙ ගෝඩ් ෆාදර්ල කොටසක් ඉන්නවා, මෙහෙයුම්කරුවො ටිකක් ඉන්නවා, ඒ මහමොළකරුවො අනාගතයේදීත් පහරදීම්වලට ලෑස්තියි කියල විශාල බියවැද්දීමක් ගෙන ගියා. මහ බැංකුවේ ඇතිවෙච්ච වංචාව පිළිබඳ වෝහාරික වාර්තාව එළිදැක්වුවම නොයෙක් තර්ක විතර්ක කරනවා. මේක කරපු ආයතන වංචනිකයිලු, ඒවයේ චරිත සහතික හොද නැහැලු. මේවා ගැන මේ චරිත සහතික දෙන්නෙ අන්ත දූෂිතයො ටිකක්. ඔවුන් පවසන්නෙ, පාඩුවක් මිසක් වංචාවක් වෙලා නෑ කියල. වංචාවෙයි පාඩුවෙයි වෙනස මොකක්ද? කිසිවෙක් චේතාන්විතව රජයේ අරමුදල්වලට පාඩුවක් වෙලා තමන්ට ලාභයක් වෙන්න කටයුතු කරනවනම් ඒක තමයි වංචාව කියන්නෙ. ගණුදෙනුවලින් 20% ක් වංචනික ආකාරයට සිදුව ඇති බව වෝහාරික වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ව පුළුවන්නම් අත්අඩංගුවට ගන්න කියල අපි ආණ්ඩුවට අභියෝග කරනව. එහෙම කරන්නෙ නෑ, මොකද අර්ජුන් මහේන්ද්‍රන් දන්නව රාජපක්ෂවරුන්ගේ ඩුබායි ගණුදෙනු ගැන. ශ්‍රී ලංකන් ගණුදෙනුවට එහි හිටපු ප්‍රධාන විධායකයව අත්අඩංගුවට ගත්ත වගේ, මිග් ගණුදෙනුවට සම්බන්ධ උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න කියල අපි වත්මන් ආණ්ඩුවට අභියෝග කරනවා.        
 

More News..