brand logo

වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසමේ විභාග නොවූ පැමිණිලි ජනපති අතින් ලේඛනාගාර දෙපාර්තමේන්තුවට

24 December 2019

2015- 2018 අතර වර්ෂවල පිළිබඳ රාජ්ය ආයතනවල වංචා දූෂණ කොමිසමේ ඇති විභාගයට නොගත් පැමිණිලිවලට අදාළ ලේඛන සහ කොමිසමේ අනෙකුත් ලිපි ලේඛන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දීමට ජනාධිපතිවරයා විසින් කාලය ලබාදී ඇති බව එම කොමිසමේ ප්රකාශකයකු පැවසීය. මේ වසරේ ජනවාරි මස 27 වැනි දින මෙම කොමිසම ආරම්භ වූ අතර ඔක්තෝබර් මස 31 වැනි දින කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරිණි. රාජ්ය ආයතනවල වංචා දූෂණ පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණිලි 1346 ක් ලැබී තිබුණු අතර ඉන් පැමිණිලි 29ක සාක්ෂි විමසා අවසන් කිරීමට කොමිසමට හැකිවී තිබේ. එසේම එම කොමිසමේ පොලිස් ඒකකය විසින් අදාළ පැමිණිලිවලින් පැමිණිලි 100ක මූලික විමර්ශන කටයුතු අවසන් කර ඇත. 2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්ය ආයතනවල දූෂණ ක්රියා සාපරාධී විශ්වාසය කඩ කිරීම දේපොළ සාපරාධී පරිහරණය, රාජ්ය සම්පත් හා වරප්රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු ඔස්සේ කරුණු විමර්ශනය කිරීම මෙම කොමිසම මගින් සිදු කෙරිණි. වරුණි පෙරමුණ
 

More News..