brand logo

ලෝ ප්‍රකට ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ චිත්‍රපටයේ රඟපෑමට ලංකාවේ නිළියක්

09 December 2020

ජනප්‍රිය "ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්" නවකතා ඇසුරෙන් නිපදවෙන කථා මාලාවේ අලුත්ම චිත්‍රපටයේ රංගනයට ශ්‍රී ලංකාවේ උපන් නිළියක් වන තුසිතා ජයසුන්දර ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇමේසන් ස්ටූඩියෝස් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පරිදි තුසිතා ජයසුන්දර අතිරේක නළු සාමාජිකයින් විසි දෙනාගෙන් එක් අයෙක් බව සඳහන්වේ. 1971 වසරේදී ශ්‍රී ලංකාවේ උපත ලැබූ තුසිතා ජයසුන්දර මේ වන විට එංගලන්තයේ ජීවත් වේ. ඇය 1993දී නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් උපාධියද ලබා තිබේ. ඇය ඇතුළුව අලුතෙන් තෝරාගත් නළු නිළි කණ්ඩායම නවසීලන්තයේ මේ වනවිට සිදුකෙරෙමින් පවතින රූගත කිරීම් සඳහා එක්වීමට නියමිතය. මෙම නිළිය The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) චිත්‍රපට සඳහාද රංගනයෙන් දායක වී තිබේ.
 

More News..