brand logo

ලෝක T20 කාන්තා තරඟාවලිය ඇරඹෙයි - පළමු ජය ඉන්දියාවට

10 November 2018

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් හීදියි. මෙම තරඟාවලියේ පළමු තරගය සදහා තරඟ වැදුනේ බී ඛාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි. එම තරඟය ලකුණු 34කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්වුණා. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තාව කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 194ක් ලබාගත්තා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ඉන්දීය කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur ලකුණු 103ක් රැස්කර ගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි නවසීලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී ලබාගැනීමට හැකිවුනේ ලකුණු 160ක් පමණයි. ඒ අනුව ඉන්දීය කාන්තා පිලට ලකුණු 34ක ජයක් හිමිවුණා.
 

More News..