brand logo

ලෝක ළමා දිනය අදයි

01 October 2019

ලෝක ළමා දිනය අදට යෙදී ඇත. මෙවර එහි තේමාව වී ඇත්තේ ‘සුමිතුරු දැයකින් දිනවමු දරුවන්’ යන්නයි. ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා‍ ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර‍ ලෙස හැඳී වැ‍‍ඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. දැනුම, කුසලතා හා යහපත් සාරධර්මයන් ගෙන් සපිරි වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතාවන්ට මනා ලෙස ගැළපෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ඵලදායි ළමා පරපුරක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙන අතර එහෙයින් රජයක් වශයෙන් හා වැඩිහියන් ලෙස ළමයින් හට වඩා සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
 

More News..