brand logo

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රු.මි 151ක් වටින වෛද්‍ය උපකරණ තොගයක්

06 May 2020

Covid-19 වෛරස මර්දන හා ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විසින් මෙරට කොරෝනා වෛරසයට එරෙහි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සදහා ලබාදුන් උපකරණ අතර වෛද්‍ය උපකරණ, රසායනාගාර උපකරණ, පුද්ගල ආරක්ෂිත ඇඟලුම් ((PPE), Covid-19 පරික්ෂණ ඇදුම් කට්ටල (Covid-19 Test Kits), මුද්‍රිත නිරික්ෂණ ලේඛණ (printing surveillance registers) ද වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම ප්‍රදානයට අදාල ලිපි ලේඛන සෞඛය අමාත්‍යාංශයේ දී ලබා දී තිබේ. මෙම උපකරණ වෛද්‍ය සැපයුම් අංශය, වසංගත රෝග විද්‍යා අංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුලු සෞඛ්‍ය ආයතන වෙත ලබාදීමට‌ නියමිතයි.
 

More News..