brand logo

ලෝක සමාජ ව්‍යවසායක සම්මානලාභීන් අතර ලංකාවේ කාන්තාවක්

02 October 2020

ශ්‍රී ලාංකික කාන්තාවක වන අනුෂ්කා රත්නායක ලොව සුප්‍රසිද්ධ ෂ්වාබ් පදනම (Schwab Foundation) මගින් 2020 වර්ෂයේ සමාජ ව්‍යවසායක සම්මානලාභීන් 13 දෙනා අතරට එක්කර ඇත. ලෝක ආර්ථික පෝරමයේ (World Education Forum) සහෝදර ආයතනයක් වන ෂ්වාබ් පදනම මෙම සම්මානය ලබාදෙන්නේ සරණාගත පවුල් නැවත ඒකරාශි කිරීම, මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකාරීවීම, යටිතල පහසුකම් සහ මූල්‍ය තත්ත්වයන් වර්ධනය සඳහා සමාජ හා ආර්ථික විසඳුම් ලබාදීම වෙනුවෙන් කැපවන ලොව කැපීපෙනෙන ක්‍රියාකාරී පුද්ගලයන්ටය. අනුෂ්කා යනු ලාභ නොලබන සමාජ වැඩසටහනක් වන සෙනගල් රාජ්‍යය පදනම් කරගත් ‘ටයි ඇග්‍රෝ’හි නිර්මාතෘවරිය සහ විධායක අධ්‍යක්ෂවරියයි. ඇය 2008 මැද භාගයේ සිට අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සේවය කර ඇති අතර කුඩා පරිමාණ ගොවීන් සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි කිරීමට සිය දායකත්වය ලබාදී ඇත. ඇය ක්ෂුද්‍ර මූල්‍ය හා කෘෂිකාර්මික අංශවල නවෝත්පාදන වෙනුවෙන් අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ රටවල් පුරා සංචාරය කර තිබේ. අනුෂ්කා කැලිෆෝනියා විශ්වවිද්‍යාලය වෙතින් සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර කෙන්යාවේ බ්‍රන්ගෝමාහි කුඩා වතු හිමියන්ගෙන් කෘෂිකාර්මික පුහුණුව ලබා ඇත. ඇය අප්‍රිකානු කලාපයේ කෘෂිකර්මාන්තයට ස්ත්‍රී දායකත්වය වැඩියෙන් ලබාදීම සඳහා සිය හඬ අවදි කළ කාන්තාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. නයන තරංග ගමගේ
 

More News..