brand logo

ලෝක වෙළෙදපොළේ වැඩි නොවී ඉහළ යන කිරිපිටි මිල

21 September 2019

කිරිපිටි සමාගම් කිරිපිටි මිල ගණන් ඉහළ නංවා ඇත්තේ ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල එතරම් ඉහළ ගොස් නොතිබියදී බව හතරවන හරස්වීදියේ තොග ව්‍යාපාරිකයෝ පවසති. මේ වන විට ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් මිල ඩොලර් තුන්දහස් එකසිය තිස්තුනකි. (3133) පසුගිය අප්‍රේල් මාසයේ දී කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 15කින් හා පසුගිය දා යළිත් රුපියල් 20කින් වැඩි කිරීමට මෙරට සමාගම් පියවර ගත්තේය. අගෝස්තු මාසයේ මෙරටට කිරිපිටි මෙට්‍රික් ටොන් දස දහසක් ආනයනය කර ඇති අතර මසකට මෙරට පරිභෝජනය මෙට්‍රික් ටොන් හයදහසකට අඩු වේ. එසේ තවත් මෙට්‍රික් ටොන් පන්දහසක් තිබියදී මිල වැඩිකිරීම අසාධාරණ බව එම ව්‍යාපාරිකයෝ පවසති. එම තොග ආනයනය කර ඇත්තේ ද මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකන් ඩොලර් තුන්දහසකට පමණ බව වාර්තා වේ. එම මිලට ආනයනය කළ තොග වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ මිලට අලෙවිකිරීම අසාධාරණ බව ඔවුහු සඳහන් කරති. චමින්ද සේනාරත්න
 

More News..