brand logo

ලෝක වැඩිහිටි දිනය අදයි!

01 October 2020

ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. "වසංගත හමුවේ වැඩිහිටි අභියෝග" යන තේමාවෙන් ලෝකයම අද වැඩිහිටි දිනය සමරයි. කොරෝනා වසංගතයත් සමග මෙම වසරේ ලෝකයට අහිමි වූ වැඩිහිටි ජනගහනය, අති විශාලයි. ලෝකය සංවර්ධන ඉලක්ක කරා යාමේදී වැඩිහිටි ජනගහනය කියන්නේ කේන්ද්‍රීය සාධකයකි. මේ වෙද්දි ලංකාවේ ජනගහනයෙන් 16.4% ක් වැඩිහිටියන් වේ. මෙවර ලෝකය මුහුණපා ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැඩිහිටි දිනයටද නව මුහුණුවරක් එක්ව ඇත. එනම් මෙවර වසංගත අවස්ථා හමුවේ වියපත් වීම සහ වියපත් වීම ආමන්ත්‍රණය කිරීම ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ අපේක්ෂාවයි. ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් සිදුකරන ජාතික උත්සවය මෙවර සෞඛ්‍ය ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම අවස්ථාව සදහා ලංකාවම නියෝජනය කරමින් වැඩිහිටියන් සහභාගී වීමට නියමිත අතර එහිදී සංස්කෘතික අංග ආදී සියල්ලක්ම වැඩිහිටියන් සම්බන්ධ කරගනිමින් සිදුකිරීමට නියමිතව ඇත. වයස්ගතම අම්මා සහ වයස්ගතම තාත්තාට එහිදී උපහාර පිදීමට නියමිත අතර, වැඩිම දරුවන් සිටින මවුපියන් දසදෙනෙකුට මෙන්ම වැඩිහිටි වියපත්ම මළල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට ද උපහාර පිදෙනු ඇත.
 

More News..