brand logo

ලෝක බැංකුව ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කෙරේ

18 July 2019

නව මෙහෙයුම් ති‍්‍රත්වයක් යටතේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි. අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව සදහන් කළේය. හදිසි කාලගුණික වෙනස්වීම්වලට මුහුණ දී සිටින කාෂිකාර්මික ක්ෂේත‍්‍රය සහ වාරි කර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති, කාලගුණික ප‍්‍රත්‍යස්ථිත මෙහෙයුම් හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැව් ප‍්‍රතිසංස්කරණය ස`දහා සහය වීම මෙම නව මෙහෙයුම් ති‍්‍රත්වයට ඇතුළත්ය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය හා ආර්ථිකය කෙරෙහි එහි බලපෑම පිළිබ`දව අදහස් දක්වමින් හාර්ට්විග් ශේෆර් මහතා කියා සිටියේ සවිමත් ආර්ථික පදනමක් මත පිහිටා ශ‍්‍රී ලංකාවට අඛණ්ඩවම ගෝලීය ණය ආධාර ලබා ගැනීමට හැකිවන පරිදි අයවැය පරතරය අවම කර ගැනීම ස`දහා ලෝක බැංකුවේ මුල්‍යමය සහය ලබා දෙන බවයි. දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් මෙහි දී ලෝක බැංකුව වෙත සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මුහුණු දීමට සිදු වූ අභියෝග ජය ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් සහාය පිළිබ`දව ද ස්තුතිපූර්වකව සිහිපත් කළේය. මෙම කනගාටුදායක සිදුවීමෙන් පසු ශ‍්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබ`ද සිය සතුට පළ කළ උප සභාපතිවරයා ස`දහන් කළේ සියලූ අසීරු අවස්ථාවන්හි ගෝලීය ප‍්‍රජාව ශ‍්‍රී ලංකාව සමග එක්ව සිටින බවයි. ලෝක බැංකු කලාපීය ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ හමුවේ ප‍්‍රධානත්වය දැරීමට දිවයිනට පැමිණ සිටින ශේෆර් මහතා මෙහි දී වැඩිදුරටත් ස`දහන් කළේ ලෝක බැංකුව සිය වාර්ෂික සැසිය පැවැත්වීමට ශ‍්‍රී ලංකාව තෝරා ගනු ලැබුවේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු නැගී සිටීමට ශ‍්‍රී ලංකාව දරන උත්සහයට සහයෝගය දැක්වීමක් ලෙස බවයි. ශ‍්‍රී ලංකාව මේ වන විට ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්ව තිබීම පිළිබද සිය සතුට පළ කළ උප සභාපතිවරයා අභියෝග හමුවේ නොසැලී නැගී සිටීමේ ශ‍්‍රී ලංකාව සතු සුවිශේෂී ගුණාංගයට එය මහගු සාක්ෂියක් බව ද කියා සිටියේය.
 

More News..