brand logo

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 25ක ණයක්

18 December 2019

ලෝක බැංකුව විසින් මෙරට රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, රජයේ මූල්‍ය කළමනාකරණ කටයුතු විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සදහා ඩොලර් මිලියන 25 ණයක් අනුමත කර තිබේ. පස් අවුරුදු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට මෙම මුදල ලබා දුන් බව අද නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙම ණය මුදල වසර 28ක පරිණත කාලයකින් යුක්ත වන අතර වසර 11 ක සහන කාලයකින් යුක්ත වේ. ලෝක බැංකුවේ නේපාල, ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂවරයා සදහන් කළේ රාජ්‍ය ආයතනවල වගවීම තහවුරු කිරීම සඳහා මෙම අරමුදල් සැපයෙන බවයි.
 

More News..