brand logo

ලෝක පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මියයයි

25 November 2020

ලෝක පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ. මිය යන විට ඔහු 60 වන වියේ පසු විය. සිය නිවසේ සිටින අවස්ථාවේදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. 1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබේ. ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ දියාගෝ මැරඩෝනා 1986 වසරේ දී ලෝක පාපන්දු කිරුළ එරටට දිනාදීමට සමත් වූ පාපන්දු ශූරයෙකි.
 

More News..