brand logo

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් මෙගා ලයිෆ්සයන්සස් වෙතින් සමාජ සත්කාර පෙළක්

19 November 2019

ජාත්‍යන්තර දියවැඩියා පදනම (World Diabetes Federation) දියවැඩියාවෙන් මිදීමේ සාර්ථකම මාර්ගය ඇත්තේ පවුල තුළම බව අවධාරණය කරමින් 'පවුල සහ දියවැඩියාව' (Family & Diabetes) යන තේමාව පසුගිය වසරේ මෙන්ම 2019 වසරේදීත් ඉදිරිපත් කර ඇත්තේ එහි ඇති වගකීම තවදුරටත් ලෝක ප්‍රජාව හමුවේ ඉස්මතු කිරීමටය. සෑම දියවැඩියා රෝගය වැලඳුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් කෙනෙකුට දියවැඩියාව තිබෙන බව නොදන්නා අතර සෑම පවුලක් තුළම කවරකුට හෝ දියවැඩියාව වැලඳී තිබිය හැකිය. පවුලක් ලෙසට එක්ව අවශ්‍ය පියවර නිවස තුළදීම ගැනීම දියවැඩියාව වළක්වා ගැනීමේ හොඳම ක්‍රියා පිළිවෙත බව සමාජ විද්‍යාඥයන්ගේද මතයයි. ශ්‍රී ලාංකේය ජනතාව දියවැඩියා රෝගයෙන් මුදා ගැනීම උදෙසා මෙගා ලයිෆ්සයන්සස් සමාගම සෑම වසරකම දොළොස් මස පුරා විවිධ වැඩසටහන් රාශියක් සමාජ සත්කාරක ව්‍යපෘති ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී දියවැඩියාවෙන් මිදී ජීවත්වීම සඳහා දෛනික ජීවිතයේ හුරු පුරුදු සහ වැඩකටයුතු හැඩගස්වා ගත යුතු ආකාරය පිළිබඳ වැඩමුලු හරහා දැනුවත් කිරීම් මෙන්ම රුධිර පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස් නොමිලේ ලබාදීමේ වෛද්‍ය සායනද වසර පුරා පවත්වනු ලබයි.
 

More News..