brand logo

ලෝක ටෙස්ට් ශූරතාව නවසීලන්තයට

24 June 2021

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් දිනය වූ ඊයේ (23 වැනිදා) තේ පානයට තරගය නවතන විට වැඩි වාසී අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියේය. ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමින් සිටි නවසීලන්තය ඒ වන විට කිසිවකුත් නොදැවී ලකුණු 19ක් රැස්කරගෙන සිටියේය. නවසීලන්තය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩෙවෝන් කොන්වේ ලකුණු 09ක් සහ ටොම් ලෙදම් ලකුණු 05ක් වශයෙන් රැස්කරගෙන සිටියේය. ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කළ ලකුණු 217ට පිළිතුරු වශයෙන් නවසීලන්තය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 249ක් රැස්කර ගත්තේය. නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 32ක් පිටුපසින් සිටිමින් පිටියට පිවිසි ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 170කට සීමා විය. ඒ අනුව නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 139ක ඉලක්කයක් හිමි විය.

තරගයේ වීරයා කයිල් ජෙමිසන්

තරගයේ වීරයා සම්මානය නවසීලන්ත කණ්ඩායමේ කයිල් ජෙමිසන්ට හිමිවිය. තරගයේ පළමු දිනය (18 වැනිදා) වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීමෙන්, ඒ වෙනුවට අතිරේක දිනයක් දක්වා තරගය රැගෙන යාමට සිදු විය.
 

More News..