brand logo

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අදින් ඇරඹේ

01 August 2019

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් මුල්වරට පවත්වනු ලබන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අද සිට ආරම්භ වේ. ඒ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අද බර්මින්හෑම් හිදී ඇරඹෙන අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියත් සමගය. වසර දෙකක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය 2021 ජූනි මස 14 වැනිදා ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය සදහා ක්‍රීඩාකරනු ලබන කණ්ඩායම් වන්නේ ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය වේ. අවසන් මහා තරගයද ඇතුළුව ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත්වන මුළු තරග සංඛ්‍යාව 72කි. ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේදී සෑම රටකටම සත්කාරකත්වය දැරීමට අවස්ථාවන් තුනක් සැලසෙන අතර එක් පිලකට කණ්ඩායම් හයක් සමගින් තරග වැදීමට සිදුවේ.
 

More News..