brand logo

ලෝක කුසලාන බලාපොරොත්තුව ගැන දසුන් ශානක කියන කතාව

17 October 2021

ශ්‍රී ලංකා පිල හෙට අබුඩාබිහි දී නැමීබියාව සමග තරගයක

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා පිල හෙට අබුඩාබිහි දී නැමීබියාව සමග තරග වදිනවා. ඒ සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීම සඳහා පැවැත්වෙන තරගාවලියේ තරගයක් ලෙසින්. මීළග වටයට පිවිසීමට ශ්‍රී ලංකා පිල, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව ඇතුළක් කාණ්ඩයේ මුල් කණ්ඩායම් දෙක අතරට පිවිසිය යුතුයි. 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියේදී මෙහෙය වන්නේ දසුන් ශානක විසින්. පසුබෑමකට ලක්වුව ද යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලට තරගාවලියේ බොහෝ දුරට ඉදිරියට යාමේ හැකියාවක් පවතින බව නායක දසුන් ශානක සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. ඔවුන්ට නොමැත්තේ පළපුරුද්ද පමණයි, ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් ද බොහෝකලක සිට කණ්ඩායමේ සාර්ථකත්වය අපේක්ෂාවෙන් සිටිනවා. ඔවුන්ට ආඩම්බර විය හැකි ප්‍රතිඵලයක් ලබාදීමට උත්සාහ කරන බවයි නායක දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කළේ.
 

More News..