brand logo

ලෝක කුසලාන පවාදීම ගැන මහින්දානන්දගෙන් පැමිණිල්ලක්

24 June 2020

2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරගපවා දිම සම්බන්ධයෙන් තමන් කල ප්‍රකාශයට අදාල පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් (24) දින පොලිස්  විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කල බව හිටපු ක්‍රිඩා අමාත්‍යය සහ මහනුවර   දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපෙක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ  මහතා පැවසිය. (24) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදි අමාත්‍යවරයා එ බැව් පැවසිය. පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් පිරිසක් (24) දින උදැසන නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලය වෙත පැමිණි අදාල පැමිණිල්ල සටහන් කරගෙන ඇත. මෙම මාධ්‍යය හමුවේදි හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ  මා විසින් පසුගිය දා 2011 තරග පවා දිම සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයට විවිධ පාර්ශව  වලින් විවිධ ප්‍රකාශ කරලා තිබුණා. දේශපාඥයින් සහ ක්‍රිඩාවට සම්බන්ධ අය විවිධ මතයන් ඉදිරිපත් කලා.  සමහරු කිව්වා මේක දේශපාලන සංදර්ශනයක් කියලා , සමහරු කිව්වා පසුගිය ආණ්ඩුව  ලෝක කුසලානය පවා දුන්නා කියලා , අවුරුදු නවයක් මේක ගැන කතා කරේ නැත්තේ ඇයි ඇහුවා. මම මේක සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කලා. මා සතුව තිබු සියළුම තොරතුරු මම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිල්ල පිටු හයක් , ඒකට සම්බන්ධ ලියකියවිලි අටක් මම පොලිස් විශේෂ විමර්ෂන අංශයට ලබා දුන්නා. මම මැතකදි මේ පිලිබදව කිව්වේ එක්තරා මාධ්‍යය නාලිකවකින් මගෙන් රටේ දුෂණ වංචා ගැන මගෙන් ප්‍රශ්න කරගෙන යාමේදි බැදුම්කරය ඇතුළු ප්‍රශ්න කිහිපයක් මගෙන් ප්‍රශ්න කලා. එ ප්‍රශ්න ඇසිමේදි ක්‍රිකට් ක්‍රිඩාවේ අක්‍රමිකතා ගැන ප්‍රශ්න කිරිමේදි දරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමයි මම මෙවැනි ප්‍රකාශයක් සිදු කලේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් හිටපු ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා ලිපියක් එවලා තියෙනවා. ඇලෙක්ස් මාෂල් මහතා තමයි මෙම ලිපිය හිටපු ක්‍රිඩා අමාතවරයාට එවලා තියෙන්නේ. මෙතුමා කියනවා ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් 12 අතරින් වැඩිම තරග පවාදිම් පිලිබදව පැමිණිලි තියෙන්නේ ශ්‍රි ලංකාවට , මේ පිලිබදව පරික්ෂණ පවත්වාගෙන යනවා. විෂය භාර අමාත්‍යවරයා හැටියට මට මෙම ලිපිය හම්බුණා , ක්‍රිඩාවට ආදරය කරන පුද්ගලයෙක් හැටියට මට කනගාටුවක් ඇති වුණා. මෙච්චර නිති අණපනත් සම්මත කරලත් මේක පිලිබදව ක්‍රියාමාර්ගයක් නොගැනිම පිලිබදව. 2011 ලෝක කුසලාන නැරඹිමට ගිය ප්‍රේක්ෂකයෙක් මමත්. තරගාවලිය නැරඹිමේදි මටත් සැකයක් මතු වුණා. තරගාවලිය අවසන් වෙලා මම ලංකාවට ආවම මාව හම්බෙන්න විවිධ පාර්ශවයන් ආවා. මේ තරගාවලිය පවා දුන්නද යන්න පිලිබදව පරික්ෂණයක් පවත්වන්න කියලා මගෙන් ඉල්ලුවා. මම එවකට ක්‍රිඩා අමාත්‍යවරයා හැටියට 2011 ඔක්තොම්බර් 30 අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට මම පැමිණිල්ලක් කරා. අපි රටක් හැටියට ක්‍රිඩාවෙන් අතිදක්ෂයෝ , ලොක කුසලානය , 20 20 කුසලානය දිනපු රටක් . ලොකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩා කරන රටවල් 12 දක්ෂතම කණ්ඩායම අපේ කණ්ඩායම. ලෝකයේ කිසිම රටක තරග පවා දිම සම්බන්ධයෙන් නිතියක් සම්මත වෙලා තිබුණේ නැ. එ නිසා තරග පවාදිමේ පනත හදන්න ඕනි කියලා මම තිරණය කලා ක්‍රිඩා අමාත්‍යවරයා හැටියට. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලිමක් කරලා තරගා පවා දිම සම්බන්ධයෙන් වු පනත ආරම්භ කිරිමට මම කටයුතු කලා. මම 2013.08.20 කම්ටුවක් පත් කරනවා තරගා පවා දිම සම්බන්ධයෙන් . එ කම්ටුවේ සභාපති අනුර ජයසේකර ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම්. ඇතුළු සමාජිකයන් 8 දෙනෙක් . කැබ්නට් මණ්ඩලය අනුමත කරනවා තරග පවා දිමේ පනත. 2019 මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. අමාත්‍යවරයා හැටියට මම කරන්න පුළුවන් හැමදේම කරලා තියෙනවා. අපිට දක්ෂ ක්‍රිඩකයෝ ඉන්නවා , එත් විවිධ පාර්ශව මැදිහත් වෙලා තරග පවා දුන්නහොත් අපිට තරග ජයග්‍රහණය කරන්න බැ. ලෝකයේ පලවෙනි රට තරග පවා දිම පිලිබදව පනත් සම්මත වුණ, එ පිලිබදව මම ක්‍රිඩා අමාත්‍යවරයා හැටියට සතුටු වෙනවා. තරග පවා දිම සම්බන්ධයෙන් කවුරුහරි කතා කරන්න ඕනි එ නිසා තමයි මම මෙම ප්‍රකාශය ඉදිරිපත් කලේ. මම කරුණු 24 ක් ඉදිරිපත් කරලා තියෙනවා 2011 තරගය පරාජය විමට සැක සහිත කරුණු මම මෙම තරගය සැක සහිතයි කියලා 2014 2017 ප්‍රකාශ කරලා තියෙනවා. එවා පුවත් පත් වල පල වුණා. ඇතැම් නාලිකවකත් මම මෙම ප්‍රකාශය කරලා තියෙනවා.  මම මේ පිලිබදව සියළුම තොරතුරු පොලිස් විශේෂ විමර්ෂන ඒකකයට ලබා දිලා තියෙනවා , අපි මේ පිලිබදව ආපසු කතා නොකර ඉමු. මම කණගාටු වෙන්නේ නැ මම සිදු කල ප්‍රකාශය පිලිබදව. මේක දේශපාලනියකරණය කරන්න එපා මේකට සහයෝගය ලබාදෙන්න. 2005 මම දුෂණ අක්‍රමිකතා පිලිබදව සටනක් කරා , 2015 ටොප් ටෙන් කම්බා හොරු  කියලා මෙම හොරකමට විරුද්ධව අපි කටයුතු කලා. අපිට ලෝක කුසලානය දින්න පුළුවන් රටක් මේ වැරදි හදාගත්තොත් , මේ දේශපාලනියකරණය කර ගන්න එපා කියලා මම ඉල්ලනවා. නිතියක් හදලත් ඊට පස්සෙත් මේවා සිදු විම පිලිබදව කණගාටුවක් ඇති වුණ නිසා තමයි මම මේ ප්‍රකාශය සිදු කලේ. මම හිතනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිලිබදව පරික්ෂණයක් කරලා වැරදි කරුවන්ට නිතිමට ක්‍රියාමාර්ග ගනි කියලා. මට මේ ලිපිය හම්බෙලා සති දෙකක වගේ ඇති , මට හම්බුණාට පස්සේ තමයි මම මේ ප්‍රකාශය ඉදිරිපත් කලේ. මම මේක වෙනම මාධ්‍යය හමුවක් හෝ ප්‍රකාශයක් සිදු කරලා කිව්වනම් මේක මම දේශපාලන වාසියක් ගන්න කිව්ව එකක් කියලා කියන්න පුළුවන්  එක්තරා මාධ්‍යයක වැඩසටහනකදි මගෙන් අසන ප්‍රශ්නයකට උත්තරයක් ලබාදිමක් පමණයි මම සිදු කලේ. මට ලැබෙන තොරතුරු මම කිව්වා. මම පවසන්නේ පාරිපාලනය ඇතුළු සියල්ල පිලිබදව පරික්ෂණ පවත් වන්න කියලා. මම ක්‍රිඩා අමාත්‍යවරයා හැටියට ක්‍රිඩාවේ තිබුණ ලොකු මාෆියාව ගැලෙව්වා. පාපන්දු වල තිබුණ මාෆියාව මම ගැලෙව්වා . නාම යෝජනා ලබා දුන්නේ නැ. කිසිදු ක්‍රිඩා අමාත්‍යවරයෙක් නොකරපු මාෆියාවන් ගලවන්න මම කටයුතු කලා. මගේ කාලයේ තමයි ප්‍රථම වතාවට මැතිවරණයකින් පරිපාලනය තේරිම් සිදු කලේ. මෙමගින් මට කිසිදු දේශපාලන වාසියක් ගන්න උවමනවක් නැ. මම හැමදාම අක්‍රමිකතා පිලිබදව කතා කරා. මහජන නියෝජිතයෙක් වශයෙන් දන්න කරුණු හෙලි කරන්න ඕනි. මේක මට අවාසියක් වෙන්න පුළුවන් නමුත් මට දෙන්න පුළුවන් දේ මම රටට දුන්නා. යනුවෙන් පැවසිය.
 

More News..